(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගයක් අළෙවි කිරීම ට සඟවා ගෙන සිටි සැකකරුවකු බත්තුළුඔය පුදිකුඩිරිප්පු ප්‍රදේශයේදී තම්බපන්නි නාවික කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් සහ ධීවර නිලධාරීන් එක්ව කළ වැටලීමකදී අද (13) අත්අඩංගුවට ගෙන තිබුණී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මුන්දලම බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අළෙවි කිරීමේ අරමුණින් මෙම හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගය සැකකරුගේ නිවස ආසන්නයේ වල දමා තිබියදී සොයා ගෙන තිබේ.
අත්අඩංගවට ගත් හක් බෙල්ලන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මීලි මීටර් 70 ට අඩු හක් බෙල්ලන් බවත්.මෙම බෙල්ලන් උඩප්පුව සිට මන්නාරම දක්වා දකුණු මුහුදු තීරය දක්වා පමණක් ව්‍යාප්තව ඇති බවත් ධීවරයින්ගේ යම් යම් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වෙමින් ඇති බව කියයි.
හක් බෙල්ලන් 1996 අංක 2 ක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වන වගන්නිය යටතේ සන්තකයේ තබා ගැනීම නීති විරෝධී බවද එසේම මිලි මීටර් 70 කට වැඩි වට ප්‍රමාණයක් සහිත හක් බෙල්ලන් සන්තකයේ තබා ගන්නා පුද්ලයින් ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් බලපත්‍රයක් තබා ගැනිම අනිවාර්ය බවද කියයි.
එසේ බලපත්‍ර නිකුත් කිරීමේදි වෙළඳාම සඳහා විශේෂ කොන්දේසි ගණනාවකට යටත්ව බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවත් අත්අඩංගුවට ගත් සැකකරුට අදාල බලපත්‍රයක් නිකුත් කර තිබුණද බලපත්‍ර කොන්දේසි සියල්ලම උල්ලංඝණය කර ඇති බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ අයි .එම් .ජි. සරත් චන්ද්‍රනායක මහතා පවසයි.




2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හක් බෙල්ලන් අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට