IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම්

ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.

මේ තත්ත්වයත් සමඟ ලොව ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකුණු හොංකො වෙත බලවත් අතුල් පහරක් එල්ල වී ඇත.

චීනය හඳුන්වා දී තිබෙන නව ආරක්ෂක නීතී මඟින් හොංකොං වෙත ලැබී තිබුණු නිදහස සීමාවට ලක්වන බව ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය අමතමින් හෙතෙම ඊයේ (27) ඒ බව කීය.

‘‘දැනට තියෙන සාක්ෂි සාධක අනුව හොංකොං තවදුරටත් ස්වයං පාලනයක් සහිත නිදහස් පරිපාලනය ප්‍රදේශයක් යැයි තහවුරු කිරීමට කිසිවකුටත් බැහැ. එසේ කිරීමට සාධාරණ හේතුවක් ද නැහැ’’ යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා කීය.

හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

නව ආරක්ෂක නීති මඟින් චීනයේ බුද්ධි අංශවලට හොංකොං හි සිය කාර්යාල පවත්වාගෙන යෑමට ද අවසර හිමිවන බව වාර්තා වේ.

‘‘ඇමෙරිකාව සහ චීනය අතර දැනටමත් තිබෙන අර්බුද හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. චීනය හොංකොං සම්බන්ධයෙන් අනුමත කරගත් නව ආරක්ෂක නීති එය තවත් මට්ටමකට ගෙනයනවා. මේ නිසා ඇමෙරිකාව සහ චීනය අතර තිබෙන අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙනවා’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හොංකොං හි ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ ප්‍රධානී තාරා ජෝශප් පැවැසුවාය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, චීනයේ කොටසක් වුණු හොංකොං බ්‍රිතාන්‍ය කොලනියක් විය. ඒ, 1842 දීය. 1997 දී හොංකොං යළි චීනයට පවරා දීම සිදුවුණු අතර, හොංකොං සඳහා වෙනම පාලනයක් ලබා දීමට චීනය පියවර ගත්තේය. හොංකොං පාලක මණ්ඩලය චීන හිතවාදීන්ගෙන් සමන්විතය. වත්මන් හොංකොං පාලිකා කැරී ලෑම් ද චීන හිතවාදියෙකි. හොංකොං යනු වර්ග කිලෝමීටර 1,104 ක භූමි ප්‍රදේශයකි. මිලියන 7.4 කට අධික පිරිසක් හොංකොං හි ජීවත් වෙති.

පසුගිය වසරේ හොංකොං පාලක මණ්ඩලය නව උදර්පණ නීතියක් හඳුන්වා දීමට උත්සහ කළේ ද චීනයේ බලපෑම මතය. චීන රජයේ උදහසට ලක් වුණු එරට විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් හොංකොං පැමිණ සිටිති. උදර්පණ නීතිය ක්‍රියාත්මක කරමින් මොවුන් වහා යළි චීනයට ගෙන්වා ගැනීමට චීන රජය උත්සාහ කළේය. කෙසේ නමුත් මාස ගණනක් තිස්සේ සියලු දෛනික කටයුතු අඩපණ කරමින් පැවැත්වුණු විරෝධතා හේතුවෙන් උදර්පණ නීතිය හකුලා ගැනීමට පාලිකා කැරී ලෑම් ට සිදුවිය.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (1)

‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම්

රවින් Thursday, 28 May 2020 11:27 PM

තමන්ගේ රෙද්ද ගිනි අරගෙන. මරණ ගණන එක් ලක්ෂේත් පැනලාලු නේද? අනුන්ගේ කුණු නොහොයා ඉස්ස ඉස්සෙල්ලාම රෙද්ද නිවාගන්න.

:       16       284

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site