(සුජිත් හේවාජුලිගේ)
නියඟයෙන් ජනතාව මුහුණ දී සිටින පීඩාව අවම කිරීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගල්ගමුවේදී පැවැසීය.
මියන්මාරයෙන් සහ පාකිස්තානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් ළඟදීම ගෙන්වන බව කී ජනාධිපතිවරයා තායිලන්තයෙනුත් සහල් තොග ගෙන්වීමට ඇනවුම් කර තිබෙන බව ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ ගල්ගමුව මූලික රෝහල විවෘත කිරීමෙන් පසුව එම රෝහල් පරිශ‍්‍රයේදී පැවැති උත්සවයේදීය.ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීය.
නියඟය නිසා රටේ සහල් නිෂ්පාදනය සියයට පනහකින් වැටිලා. සියයට 50ක පසුබෑමක්. බොහෝ ප‍්‍රදේශවලට කන්න දෙකකින් වතුර නැහැ. වෙළෙඳපොලේ සහල් මිල වගේම එළවළු මිලත් ඉහළ ගිහිල්ලා. මේකෙ ප‍්‍රතිඵලයක් විදියට ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා.
මේ තත්ත්වය නිසා ජනතාව මුහුණ දී තිබෙන පීඩාව අවම කිරීමට කටයුතු කිරීම රජයක වගකීමක්. මේ තීරණ ගත්තේ ඒ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
COMMENTS
රටින් ගේන්නේ මොකටද මත්තල ගබඩාවේ අතිරික්ත හාල් තියෙද්දී.
නියඟයක්, ගංවතුරක් කියන්නේ මේ අවුරුද්දේ විතරක් අාපු ව්‍යවසන නොවේනේ... මේවා හැමදාම වෙන දේවල්... පාකිස්තානයෙන් හාල් ගෙන්නන්න ලජ්ජා නැද්ද? මේවා කරන්න කෝටි ගණන් බදු අයකරල ආණ්ඩුවක් පවත්වන්න යන්න ඕනෑද?
අපි බලාපොරොත්තු වුණ ඒ සැබෑ වෙනස අපිට දැන් ලැබිලා... මට හරි සතුටුයි.
ජනපති පොලොන්නරුවෙන් සහල් රටින්...
සහල් රටින් ගෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්... එ්ක කරන්න. නැත්නම් වී මොල් කරුවෝ ජනතාවගේ බඩට ගහන්න පටන් ගනීවි!!! නමුත් මේ නියන් කාලේදී වැව් හිඳිලා තිබෙද්දී වැව් ටික පතුලේ ඇති රොන්මඩ ඉවත් කරලා පිළිසකර කිරීමට වහාම පටන් ගන්න.
ඒ දවස්වල ගොවිපුතෙක් නොකියා ග්‍රාම සේවකවිතරයි කියල මාර්කට් කෙරුවනම් වටිනවා. මේ මනුස්සයා කරන වැඩ ගොවියන්ටත් නිගාවක්.
පිට රටින් බඩු ගේන්න ගේන්න හොර බඩු ගෙන්න පුළුවන් . මෙම හාල් වල අසනික් තියෙනවද අපේ රටේ තහනම් කල රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලද කියල බලල ගෙන්න
අද සහල් පිට රටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ නියඟය නිසා කන්න දෙකක් එක පිට වී වගා කිරීමට නොහැකි වූ බැවිනි. අද ආසියාවේ පවතින නියඟය ලංකාවට පමණක් සීමාවූ දෙයක් නොවේ. මේ නියඟය ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට තදින්ම බලපා ඇත. එබැවින් මේ තත්වයට පවතින රජයකට හෝ පුද්ගලයෙකුට දොස් කීමෙන් පලක් නොමැත.
පෙරදිග ධාන්‍යගරයට මොකද වුනේ? ඇමති කෙනෙක් කිවුව වගේ ගොවිතැන් කිරීම අපරාධයක්ම වෙලා වගේ.