( ඉන්දිකා රාමනායක )
ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් අම්පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම තිදෙනා අද (15) අත්අඩංගුවට ගෙන ඇති බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
මොවුන් මොහොමඩ් සහරාන් නැමැති ත්‍රස්ත නායකයා සමඟ නුවරඑළිය,හම්බන්තොට යන ප්‍රදේශයන්හි පුහුණුව ලබා ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයිද ගුණසේකර මහතා පැවසීය. සැකකරුවෝ තිදෙනාම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නායකයෙක් කිව්වා මේ කණ්ඩායමේ හිටියේ 130 ක් පමණයි එයින් ඔක්කොම අල්ලලා ඉවරයි කියල. අනෙක් නායකයා කිව්වා 99% අල්ලලා ඉවරයි කියල. මට පෙනෙන්නේ අල්ලලා ඉවරයි කිව්වට ඉවර නැහැ වගේ. ෆොන්සේකා මහත්තය කියන දේ හරි වගෙයි.
කිව්වා නේද 100% ඉවර කළා කියලා...
රටේ ආරක්ෂාව සහතික කරන ගොබ්බයන් ත්‍රස්තයින් 100%ම ඇල්ලුවා කීවා. මේ යාළුවො වෙන්න ඇති.
අත්අඩංගුවට ගත්ත කියල ඇතුලට අරන් නිදහස් කරන එක නේද කරන්නේ? කිසිම ත්‍රස්තවාදියෙකුට නිසි දඩුවම් දෙන බවක් නම් පෙන්නේ නැහැ.මෙහෙම ගියොත් තවත් සිරියාවක් ලංකාවෙන් බිහි වෙනවා. කාරුණිකව ඉල්ලන්නේ...මුස්ලිම් අයට අමුතු නිදහසක් දෙන්නේ මොකද? එ්කෙන් වෙන්නේ අහිංසක මුස්ලිම් ජනතාව දුක් විදින එක.
කිසිම වචනයක් විශ්වාස කරන්න අමාරුයි. එයා පල්ලන් බහින එක හොඳයි.
පසුගිය දවස්වල ආරක්ෂක ඔස්තාර්ලා කියන අය තුන්ලෝකෙටම ඇහෙන්න තප්පුලලා කිව්වා නේද ආරක්ෂක තත්වය 100% හොඳයි.. ඔක්කොම හිවලුන්ව ඇල්ලුවා කියලා... කෝ දැන් ඔය කියපු එකෙක්වත් හොයාගන්න නැහැ නොව අම්මපා...