IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සිංහරාජ අලි හොරොව්පොතානට මාරු කිරිමට එරෙහිව පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් දෙදෙනෙකු එම සතුන්ට නොගැලපෙන හොරොව්පොතාන ප‍්‍රදේශයේ අලි අනාථාගාරයක් වෙත මාරුකර යැවීමට වනජීවී, තිරසර සංවර්ධන හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යාඥවරයකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අද (11) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී .
 
පරිසර විද්‍යාඥයකු වන හේමන්ත රංජිත් සිසිර කුමාර, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස වනජීවී විෂය භාර අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , වනජීවී අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් හය දෙනෙකු නම් කර ඇත.
 
සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකසන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද මෙම පෙත්සමින් ඉල්ලා ඇත.
 
ගොනු කළ පෙත්සමේ  මෙසේ ද සඳහන් වේ.
 
ලොව වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින ආසියානු අලියා සත්ව විශේෂය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කට පමණක් ආවේණිකව සිටිති. 2011 වසරේ දී සිදු කළ සංගණනයකට අනුව වන අලි 5879 ක් සිටින බවට හෙළි වී ඇත.
 
එසේම මෙම වන අලි අතුරින් වසරකට වන අලි 250  මියයනවා සේම පසුගිය මාස කිහිපය පුරා අලින් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
 
මෙවැනි පසුබිමක් තුළ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් පවතින සිංහරාජ වනාන්තරය තුළ වෙසෙන අලි ඇතුන් දෙදෙනෙකු ඉන් පරිබාහිර ප‍්‍රදේශයක වන හොරොව්පොතාන පිහිටි අලි අනාතාගාරයකට ගෙනයාමේ තීරණයක් වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් තීරණය කර ඇති බවද පෙන්වා දෙයි.
 
මේ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
 
මේ සම්බන්ධයෙන් තම සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිඛිතවම දැනුම් දුන් අතර ඊට අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා එම තීරණය නැවැත්වීමට පියවර ගත් බව පෙත්සමේ සඳහන් වේ.
 
එසේ වුවද අලි ඇතුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ක‍්‍රියා කිරීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන බැවින් මේ හේතුවෙන් සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

සිංහරාජ අලි හොරොව්පොතානට මාරු කිරිමට එරෙහිව පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site