( උපේන්ද්‍ර ප්‍රියංකර )
ඉතා දුර්ලභ සතෙකු වන සිංහරාජයේ ජීවත් වු සුදු ගෝනා කිසිවකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි සිංහ රාජ අඩවි ආරක්ෂක ආර් ඒ එස් රනුක්කන්ද මහතා පවසයි.
සිංහරාජ වනාන්තරයට මායිමේ පිහිටි තේක්ක වත්තක තිබී අද (11) වෙඩි වැදී මිය ගොස් සිටි සුදු ගෝනාගේ සිරුර හමු වී තිබේ.
සිංහරාජය අසළ පිහිටි ගම්මානයක කාන්තාවක් මියගොස් සිටින ගෝනා දැක අනතුරුව වනජීවී කාර්යාලයට දැනුම් දී ඇති අතර ඒ අනුව වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සත්ව ඝාතනය දින කිහිපයකට පෙර වුවක්දැයි කවුරුන් මෙය සිදු කළේ දැයි යන්න පිළිබඳව සෙවීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයිද අඩවි ආරක්ෂකවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු ගෝනා මරපු ගොනා කවුද?
ඔය සතාව මරලා තියෙන්නේ " මනුෂ්‍ය ආත්මයක් ලද මිනිසෙක්" නම් වෙන්න බැහැ.මිනිස් වෙසින් ජිවත්වන අමනුෂ්‍යයෙක් විය හැකියි.
පොඩි මිනිහෙක් දර ටිකක් අහුලන්න ගියත් ඇති ඔය පැත්තේ හිරේ විලංගුවේ දාන්න. ඇයි අධිආරක්‍ෂිත කලාපේ නිසා. එත් වෙඩික්කාරයෝ බය නැතිව සැරි සරනවා බය නැතිව. කෝ වන ජීවී එකේ මහත්වරු