තරිදු ජයවර්ධන
සිංහරාජ වනාන්තරයේ මහා පරිමානයෙන් වල්ලාපට්ටා ජාවාරමක් සිදුවන බවත්, බලධාරීන් ඒ ගැන නිසි පියවරක් නොගන්නා බවත් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි.
වල්ලපට්ටා ජාවාරමට අදාල ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය වෙත ලබා දෙමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ සිංහරාජය සුරැකීම උදෙසා තමන් ඇතුළු පරිසර සංවිධාන රජයට ලබා දුන් යෝජනාවලියට මේ වන තෙක් පිළිතුරක් ලැබී නැති බවයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සිදුවෙතියි කියන සංහාරය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම සඳහා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැදි මාධ්‍ය හමුවේදී පරිසරවේදී වෑකඳවල රාහුල හිමි, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ පරිසරවේදී ශානිකා පතිරණ මෙනවිය අදහස් දැක්වූහ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති සිංහරාජය අවට පරිවාර වනාන්තර කිහිපයක් සිංහරාජයට පවරා ගැනීමට 2004 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලැබී තිබියදීත් අදවනතුරු එම කටයුතු සිදු කර නැතැයි ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.




COMMENTS
වල්ලපට්ටා හොඳ ආදායම් මාර්ගයක් නිසා ගෙවතු වලද වගා කිරීම දිරිගැන්විය හැකිය. මෙමගින් විදේශ විනිමය උපාය ගත හැකිය. එමෙන්ම වඳ වීමේ තර්ජනයෙන් ද මිදිය හැකිය. මෙහිදී ඇති ගැටළුවක් වනුයේ ප්‍රවාහනයට අනුමතය ලබා ගැනීමයි. මේ පිළිබඳව කැබිනට් අනුමැතියක් ලැබුනත් පහල මට්ටමේදී ඒ පිළිබඳව පැහැදිලි නැත. වනාන්තර වල ඇති වල්ලපට්ට ආරක්ෂා කිරීම ආරක්ෂණ අංශ වලට පැවරීම සුදුසුය. දැන් පවතින ක්‍රමයට වනාන්තර වලද නැතිවේ. ගෙවතුවලද නැතිවේ. වදවේ යයි සිතා ගෙවතු වල වගා කර ප්‍රවාහනය අනුමත නොකර සිටීම ලංකාව වැනි විදේශ විනිමය හිග රටකට නුසුදුසු ක්‍රියාවකි.
ලංකාවේ බලධාරින් කියන අය කොාහමත් කිසි දේකට නිසි පියවර ගන්නේ නෑ. සමහර වෙලාවට පියවර ගන්න ඕන උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අට පාස් අය ටික පියවර ගන්න දෙන්නෙත් නෑ. එහෙමයි මේ රටේ හැටි. හුගක් රටවල් සංවර්ධනයත් එක්ක වනාත්තර ආරක්ෂා කරද්දී අපේ අය සංවර්ධනය කිය කිය තියන ගස්ටික කපල ඉස්සරලම සාක්කුව පුරව ගන්නවා
අපේ වනජීවී ඇමති තුමා මේ ගැන මොකුත් කළා නම් නේද හොඳ? පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයට අපේ ප්‍රණාමය.
2019 අයවැය මගින් මෙම ගස් (වල්ලාපට්ට යනු එම ගසේ පොත්තය) වගාකිරීම සඳහා ආධාර ක්‍රමයක් ඇතිකරන්න. වනජීවී ඇමැතිතුමාගේත්, මුදල් ඇමැතිතුමාගේත් අවධානය යොමුවේවා !!!