(ඩයනා උදයංගනී)
සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
එම අලි දෙදෙනාට ගැළපෙන පාරිසරික තත්ත්වයන් සහිතව රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා කලවාන දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීමට තිරසර සංවර්ධන වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
වන අලි දෙදෙනාගේ ආරක්ෂාව මෙන්ම අවට ගම්වාසීන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සදහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
2020 වන විට සිංහරාජය තේ වත්තක් නොවේවා.!
සරත් ෆොන්සේකා යනු තමන් කරන දෙය සැලසුම් සහගතව හා බුද්ධිමත්ව කළහැකි බවට ක්‍රියාවෙන් ඔප්පු කර ඇති පුද්ගලයෙක් වන අතර තමන්ට බාරදෙන වගකීම කොතරම් භාරදූර වුවත් එය නිසි ආකාරයට විසඳන්න හැකි ශක්තියක් මෙන්ම ධෛර්යයකින් හෙබි පුද්ගලයකු බවට ඉතිහාසය සාක්ෂි දරා ඇති අතර අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන්ද සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සාර්ථක විසඳුමක් ලබාදීමට එතුමාට හැකි වනු ඇත.
වසර 27ක කාලයක් ඇදීගිය බිහිසුණු යුද්ධයක් නිමකල සෙන්පතියකුට ලබාදිය යුත්තේ වනජීවීන් බලාගැනීමට නොව කුඩු මාෆියාව අවසන් කිරීමට හැකි ඇමතිකමකි.