IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සංහිදියාවට බාධා වුනොත් නව නිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියා කරන අයට විරුද්ධව නීතිය අනුව පියවර ගැනීම සඳහා පොලිසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. 

මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක් පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වැනි දා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිදියාව ස්ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාවය ඇති කිරීමටයි. වසර 30 ක යුද්ධයක පැටලී සිටි අපට ඉන් පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක් යාමට තීරණය කර තිබෙනවා.

අප සිංහලයකු, බෞද්ධයකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්කෘතීන්, වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට හැකියාවක් නැහැ. යහපාලන රජය මෙරට සියලූම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමඟ සාමයෙන් ජීවත් වීමට අවස්ථාව ලබා දෙනවා.
මුස්ලිම් ව්‍යාපාර සහ දේවස්ථාන කිහිපයකට පහර දීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට පොලිසියට බාර දී තිබෙනවා. ඒ ගැන ක්‍රියා කොට තත්වය සමතයකට පත් කරාවි.

ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියා කරනවා නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු පොලිසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක් කාරණයක්වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

එම නිසා පොලිසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කර ගැනීමට ද හැකියාව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසිය.

ජායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (3)

සංහිදියාවට බාධා වුනොත් නව නිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

suran Wednesday, 14 June 2017 10:45 AM

විල්පත්තුවේ වන විනාශය, නැගෙනහිර පුරාවස්තු විනාශ කරන්නන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය තදින් ක්‍රියාත්මක කළානම් මෙවැනි ප්‍රශ්නයක් ඇතිනොවීමට තිබුණා. සැම විටම නීතිය ක්‍රියාත්මක වන්නේ එකපාර්ශීයව. ආණ්ඩුව හා සම්බන්ධ පිරිස්‌වලට වෙනම නීතියක්....

:       320       402

Kumar Wednesday, 14 June 2017 11:29 AM

මේ සිංහල බෞද්ධ අපගේ රටයි...

:       103       202

ranil Thursday, 15 June 2017 11:00 AM

තව හාට් ඇටෑක් එකක් ඉක්මනටම හදා ගනියි වගේ.

:       0       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3125 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4032 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 723 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1007 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2960 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3866 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40163 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26001 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 268 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site