ඩබ්ලිව්.ඒ. අසේල
වයස අවුරුදු පහළොවක පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන එක් දැරියෙකුගේ පියා හා අනෙක් දැරියගේ අයියා ඇතුලු පුද්ගලයින් හත් දෙනෙකු අද දින(4) සවස අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි.
මෙම පිරිස වරින් කලක් තිස්සේ වරින් වර දැරියන් දෙදෙනා අපයෝජනය කර ඇතැයි ද, එයින් බේරීම සඳහා පසුගිය සඳුදා ඔවුන් දෙදෙනා නිවෙස් වලින් පැන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
එක් දැරියක ප්‍රකාශ කර ඇත්තේ තමාගේ පියා, අසල කඩයක වයස අවුරුදු හැටක් පමණ වන මුදදාලි කෙනෙකු හා තවත් තරුණයින් තිදෙනෙකු විටින්විට තමන්ට අපයෝජනයට ලක් කළ බවයි.
අනෙක් සිසුවිය පවසා ඇත්තේ තමාගේ අයියා හා තවත් ඥාති සහෝදරයෙකු තමා අපයෝජනයට ලක් කළ බවයි.
COMMENTS
බලධාරියිනි ඇස් ඇර බලන්න.
දැන් දැන් මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි. කොහේ ගෙනියන්න පව් එකතු කරනවද දන්නෙ නැ
කියන්නේනම් ලෝකෙන් උතුම් රට කියල. ඒත් මේ වගේ තිරිසන් වැඩ ලෝකේ වෙන කිසිම රටක වෙන්නේ නෑ. හැමදාම මේ වගේ පුවත් තමයි අහන්න දකින්න ලැබෙන්නේ. ලැජ්ජාව නිසා හංගගෙන ඉන්න මේ වගේ සිද්ධි තව කොයිතරම් වෙනවා ඇද්ද? තමන්ගේම ලෙයින් උපන් දරුවා කෙළෙසන්න තරම් තුච්ඡ මිනිස්සු තමයි මේ ධර්මද්වීපෙ ඉන්නේ. මේ වගේ රටක ඉපදීමත් පවක්...