IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සිසුවියන් අපයෝජනය කළැයි ඇඹිලිපිටි ගුරුවරයාගේ වැඩ තහනම්

(අජිත්ලාල් ශාන්තඋදය)

පාසල් යන වයසේ ගැහැණු දරුවන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම පිළිබඳව චෝදනා ලැබු ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

මීට සතියකට පමණ පෙර මෙම ගුරුවරයා සම්බන්ධයෙන් තොරතුරු ලැබුණ බව පැවසූ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙලෙස වැඩ තහනම් කළ බව ද ඒ මහතා කීය.

මේ පිළිබඳව පොලීසි‍ය වෙනම විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය සම්බන්ධයෙන් ක‍්‍රියාකරන බව ඒ මහතා පැවසීය.
මෙම ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ද පත්ව දින කිහිපයක් රිමාන්ඞ් බාරයේ සිට ඇප මත නිදහස්ව පැමිණ ඇති බව ද කියැවේ. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩිදුර විමර්ශනයක් පවත්වන බව ද කීවේ ය.

ගුරුවරුන් පිළිබඳව දැඩි විශ්වාසයක් තබා මව්පියන් තම දරුවන් පාසල් එවන විට ඒ විශ්වාසය කඩකරමින් දරුවන්ගේ ආරක්‍ෂාව අනතුරේ දමා මෙවැනි අපරාධ කරන කිසිවකුට කිසිදු සමාවක් දිය නොහැකි බව ද ලේකම්වරයා කීවේ ය.

දරුවන්ට වඩාත් සමීපව, ආදරයෙන්, දරුවන්ගේ හිත් දිනාගෙන උගන්වන ගුරුවරයකුට වුවද මෙවැනි අසත්‍ය චෝදනා පවා එල්ලවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ තීරණ ගනු ලබන්නේ මූලික විමර්ශනයකින් පසුව බව ද ඒ මහතා කීය.

 



අදහස් (2)

සිසුවියන් අපයෝජනය කළැයි ඇඹිලිපිටි ගුරුවරයාගේ වැඩ තහනම්

kumar (galf) Wednesday, 09 August 2017 08:12 AM

මේ තමයි කාමාතුර ගුරු හොරු, අනේ අපේ කාලේ ගුරුවරු, ඔවුන්ට රන්මාලා පලඳවන්න ඕනෑ.

:       0       3

Rocky Wednesday, 09 August 2017 02:24 PM

සමහර ටියුෂන් ගුරාවරුත් ඔය වගේම තමයි. කළුතර පැත්තේ දෙමළ උගන්වන ගුරුවරයෙකුටත් ඔය විදිහේ චෝදනාවක් කරමින් දැන් ටිකකලකට පෙර ඔහුගේ ගෙදරටම පැමිණි පිරිසක් ඔහුට ගෙදරින් පැනලා දුවන තුරුම පහර දුන්නා. ඒත් කේස් එකක් නම් නැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site