(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
නාවික හමුදා අත්අඩංගුවේ දී ද්‍රවිඩ සිසුන් 11 දෙනකු අතුරුදන් වුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණක් සදහා නාවික හමුදා සුළු නිලධාරියකු ප‍්‍රශ්න කිරීම සදහා අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු බව එහි ආරංචි පවසයි.
අදපෙරවරු 10.00 පමණ මොහු ප‍්‍රශ්න කිරීම සදහා කැඳවා තිබු අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 7.00 වනවිට ත් අවසන් වී නොතිබිණි.
මෙලෙස කැඳවා තිබුණේ තංගල්ල රුහුණු නාවික හමුදා කඳවුරේ සේවය කරන සුළු නිලධාරියකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප‍්‍රශ්න කිරීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි කියයි.
2009 සහ ඊට ආසන්න කාලයේ නාවික හමුදා බාරයේ සිටියදී කොටහේන ප‍්‍රදේශයේ පදිංචි සිසුන් 11 දෙනකු අතුරුදන් කරඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මීට පෙර නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් වරයකු ඇතුළු නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් රිමාන්ඩ් බාරයට පමුණුවා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුන් අතුරුදන් කළැයි නාවික හමුදා නිලධරයකුගෙන් ප්‍රශ්න කරයි
srimala Tuesday, 20 June 2017 06:01 AM
ඒකාබද්ද විපක්ෂයේ මහත්වරුනි මෙය රණවිරුවන්ගෙන් පලිගැනීමක් ලෙස හුව දැක්වීමෙන් වලකින්න - එසේ කිරීමෙන් නියම රණවිරුවන්ට අසාධාරණයක් සිදුවේවි -