(උපාලි ආනන්ද)
ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්
kumar (galf) Tuesday, 01 August 2017 08:50 AM
මේ තමා ආසියාවේ ආශ්චර්යය, මෙහෙම රටේ නීති නැතිවෙනකොට ටුවරිසම් තමා දියුණු කරන්න පුළුවන්.
sachith Tuesday, 01 August 2017 08:58 AM
මේවගේ අයට නිසි දඩුවම් ලබල දෙන්න. ස්විස් වගේ රටකින් සංචාරකයෝ එනවා කියන්නේ ගොඩක් වටිනවා අපේ වගේ රට වලට. ඉන්දියාවෙන්, චීනෙන් එන 10ක් 15ත වඩා යුරෝපේ මේ රටවලින් එන අය වියදම් කරනවා.
dhamneth Tuesday, 01 August 2017 09:13 AM
මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශ කතුන් දුෂණය කිරීමෙන් මෙරටට විසල අපකීර්තියක් අත්වෙනවා වගේම සංචාරකයන්ගේ පැමිණීමත් අඩුවෙනවා. එනිසා මෙවැනි අපරාධ කරන අයට උපරිම දඩුවම් දියුතුයි.
Bimal Tuesday, 01 August 2017 09:46 AM
මේ අධම මිනිහාගේ නම ප්‍රසිද්ධ කර චායාරුප පල කල යුතුයි. නැති නම් මේ ත්‍රි රෝද රථයට අනාගතයේ නගින කාන්තාවන්ටත් මේටිකම සිදු වේවි. යන්තම් දඩයක් ගසා එලියට ගියොත් සාක්කි දුන්න මිනිසුන්ගේත් බෙල්ල මිරිකාවී . ඒ නිසා උපරිම දඬුවම් දෙන්න .
Kamal Tuesday, 01 August 2017 09:52 AM
ඒ කාලෙ වගේනම් පලාත් සභා ඇමතිකමක්වත් හම්බුවෙන වැඩක්.
Senarath Tuesday, 01 August 2017 10:01 AM
මොහුට දිය හැකි උපරිම දඩුවම දිය යුතුයි .මේ නරුමයෝ නිසා අපේ රටේ හොද මිනිසුන්ටත්, මුළු රට වැසියන්ටත් සිදුවන්නේ විශාල අපකීර්තියක්.
උත්තරා බන්ඩාර Tuesday, 01 August 2017 10:05 AM
මේ දූශිත පාපතර සක්කිලි බලු වෙඩ කරනා සුලු කොටසක් නිසා , මුලු රටෙම නම කැතවෙනවා වාගෙම , අපේ සංචාරක ව්‍යාපාරයටද හානියක්වෙනවා, මොවුන්ට ඉහලම දන්ඩුවම් ලබාදි මානසික රෝහලක අවුරුදු කිහිහිපයක් තබා මනස පරික්ශා කොට නැවත සමාජයට එවිය යුතුය
de silva berlin Tuesday, 01 August 2017 10:10 AM
රටේ නම කැත කරමින් ආර්ථිකය විනාශ කරන මෙවැනි තිරිසන් මිනිසුන් අඩුම තරමින් අවරුදු 25 වත් හිරේ යැවිය යුතුය , කරුණාකර අධමයන්ට ඇප දෙන්න එපා නඩුව කල්නොදම කඩිනමින් විභාග කොට මොහුට දඩුවම් දෙන්න
Sanath Tuesday, 01 August 2017 10:26 AM
මේ වගේ තිරිසන් මිනිස්සු නිසා ලංකාවට සිද්ධවෙන අපකීර්තිය අවුරුදු 50 කින් වත් මැකෙන්නේ නැත
පිටිගල මිලානෝ Tuesday, 01 August 2017 11:43 AM
අහෝ... හතර වටේට බණ පිරිත් ඇහෙන සදාචාරයෙන් සපිරුණු ලංකා ද්වීපය!
kumar (galf)Wednesday, 02 August 2017 05:53 AM
හතර වටේට බණ පිරිත් ඇහුනාට ඒවා දේසනා අයයි අසනා අයයි ඒ කිසිවක් පිලිනොපදිනා රට තමා ලංකාව.
chathuriWednesday, 02 August 2017 07:59 AM
පිටිගල, මේක රටේ ප්‍රශ්නයක් නොවෙයි රටේ ඉන්න අතලොස්සක් වන අමනයින්ගේ ප්‍රශ්නයක්... එක එක්කෙනාගේ වැරදි හොයන එක " මානසික ආබාධයක් " බව දැනගන්න.
raveendra Tuesday, 01 August 2017 12:10 PM
මෙවන් මිනිස්සු නිසා අපගේ ලංකා මාතාවටත් කැළලක් .එබැවින් මෙවැනි පුද්ගලයන්ට උපරිම දඩුවම් දියයුතුය. මෙම පුද්ගලයන් ලංකාමාතවගේ දරුවන් නොවන අතර මෙවන් අය නිසා අප මාතෘභූමියට ඇතිවී තිබෙන කැළැල් ඉතා බරපතලය.
රංජිත් Tuesday, 01 August 2017 01:04 PM
ත්‍රී රෝද රථ රියදුරන්ට සදාචාරය, විනය, ආචාරශීලීත්වය පිළිබඳ විධිමත් පුහුණුවක් රජය මැදිහත් වී කඩිනමින් ලබා දීම මඟින් මෙවැනි පහත් වැඩ වලකා ගැනීමට කටයුතු කරන්න.
Nuwan Tuesday, 01 August 2017 01:55 PM
අපි අත් කැඩෙනකම් මේකේ කොමෙන්ට් ලිව්වට පලක් නැහැ උපරිම වුනොත් මේ මනුස්සය සුළු කාලයක් අපේම බදු මුදලින් නඩත්තු වෙන හිරගෙට ගිහින් එලියට එයි , ආවදාටත් අයේ පටන්ගන්නේ ත්‍රිරෝද රථ රස්සාවම තමයි, ආයෙත් තවත් අසරණ ගැහැණියකගේ ජිවිතේ ඉවරයි සමහරවිට රටේ නමත් ඉවරයි. මේ වගේ මානසික ලෙඩ්ඩු සදාකල් මානසික රෝහලකට ගාල් කරන්න ඕන නැත්නම් පවුලේ සහ ගමේ අය මොවුන්ව ප්‍රතික්ෂේප කරන්න තරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕන
NuwanWednesday, 02 August 2017 03:17 PM
මම මෙච්චර පැහැදිලිව සත්‍ය විස්තර කරලත් ඩිස්ලයික් දමන්නේ මේ වරදිකරයාගේ පවුලේ හෝ යහළුවෝ වෙන්න ඇති.., ඔබලාට අබ සරණයි..
aseFriday, 04 August 2017 10:44 AM
ඔය ඩිස්ලයික් දාන්නේ එකා බද්ධයේ අයයි. ඒ අය හැම දේටම ඩිස්ලයික් තමයි.
bamunu Thursday, 03 August 2017 12:28 PM
හලෝ සංචාරක සේවය දියුණු කරන්න මුදවපු කිරිවලින් බැහැ මෙන්න මේවගේ කාමුක පාදඩ එවුන්ට නිසි දඬුවම් දීල සමාජයෙන් එලවා දමන්න. එහෙම කොරන්නත් බැහැ මොකද මුන්ගෙන් අපිට චන්දයක් ලැබෙනවානේ අර සුවිස් ගැහැනිගෙන් අපිට චන්දයක් ලැබෙන්නේ නැහැනේ
Mfh Friday, 04 August 2017 07:17 AM
මිනීමැරුම්, දූෂණ වැළැක්වීමට නම් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය.
raj Sunday, 06 August 2017 06:15 AM
මෙයා හිටපු ලොක්කෙක්ද? ඉන්න ලොක්කෙක්ද?
Nalika Sunday, 06 August 2017 06:40 AM
කව්ද වැරදි? දැන්ම කියන්න බැහැ.