(සිරාජ් හසීම්)
යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් ස්විස් කුමාර් නැමැත්තාව පොලිසියට ගෙන රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාල සැකකරුවෙකු වශයෙන් නොවන බවත් ස්විස්කුමාර් නැමැත්තා පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවත් හිටපු යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් අද(19) පැවසීය.
එලෙස පැමිණිල්ලක් සිදුකර ස්විස් කුමාර් නැමැත්තා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට යැයි කියමින් කැටුව ගිය බවත් මෙලෙස සිදුකරන්නැයි උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් වෙත උපදෙස් දුන් බවත් උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් තමන්ට කී බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් කීවේය.
පසුගිය 2015 මැයි මස 13 වනදා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනය පුංකුඩිතීව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ දෙවන අධියරේ දෙවන දින සාක්කි විමසීම අද (19)වනදා අන්නාලිංගම් ප්‍රේමශංකර්,මානික්කවාසගර් ඉලංචේලියන්, බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුවිණි.
විත්තිකරුවන් වන බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්,බූබාලසිංගම් ජෙයක්කුමාර්,බූබාලසිංගම් තවක්කුමාර්,මහාලිංගම් ශෂිතරන්,තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි),පලනි රූපසිංහම් ගුහදාසන්,ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවන් 09 දෙනාද අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ සිටියහ.
COMMENTS
දැන් හැම දෙයක්ම අවුලෙන් අවුලට යන්නෙ. නඩුත් එහෙමයි, අනිත් සෑම දෙයක්මත් එහෙමයි. අපි ඔක්කොම ඉන්නෙ පඹගාලක පැටලිලා. කවද කෙළවර වෙයිද කියල දන්නෙ දෙයියො තමයි.