(සිරාජ් හසීම්)
බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැදවනු ලැබ ඇත
තමාට අද (21) රහස් පොලිසියෙන් ඇමතුමක් ලැබුණු බවත් පැමිණිලි විභාගය සදහා හෙට (22) පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දුන් බවත් සිවාජිලිංගම් මහතා ලංකාදීපය කළ විමසුමකදී කීය.තමන්ට කොළඹට පැමිණිය නොහැකි බවත් අවශ්‍ය නම් වැල්වැටිතුරෙයි පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දිය හැකි බවත් තමන් එම නිලධාරීන් වෙත දැනුම් දුන් බව සිවාජිලිංගම් මහතා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයකට තර්ජනාත්මකවත්,බෞද්ධ හිමිනමකට නිගරු වන ආකාරයටත්, මුල්ලිවායික්කාල් සැමරුම සම්බන්ධයෙනුත් යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව මෙලෙස කැඳවා ඇත.
COMMENTS
අනේ අපොයි!! සිංහල නායකයෝ, මේ පුද්ගලයාගේ තර්ජනේට බය වුණා නේද? පලකට නැති දේවල් වලට නැට්ට පාගා ගෙන හූ කියන අය මොහුගේ තර්ජනේට වැඩි සද්දයක් රටේ තිබුනේ නැහැ.
එදා ප්‍රභාකරන්ගේ මරණ වරෙන්තුව අතැතිව සිටි සිවාජිලිංගම් අද ඒ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනීසිටිමින් රට රැකගත් විරෝධාර රණවිරුවන්ට අපහාස කරනවා, සාමයේ නාමයෙන් ආණ්ඩුවට තර්ජනය කරනවා. පටු ආකල්ප ඇති මෙවන් අවස්තාවාදී දේශපාලඥයින් නිසා පීඩා විඳින්නේ අහිංසක සිංහල දෙමළ මිනිසුන්. මොවුනට නීතීය වහා ක්‍රියාත්මක කලයුතුයි. CID එකට එන්න කීවාම එයා කොහොමද වැල්වැටිතුරේ පොලිසියට කට උත්තරයක් දී නවතින්නේ. ඔහු සිටින්නේ මේ රටේ නීතියට ඉහලින්ද..
සිවජිලට නාඩගන් නටන්න දෙන්න එපා කොළඔට එන්න බැරිනම් අත්අඩංගුවට ගන්න