(විනිතා එම් ගමගේ)
උතුරේ දේශපාලනය කරන්නේ හමුදා විසින් එම ප‍්‍රදේශ මුදාගත් නිසා බැවින් සිවාජිලිංගම්ලා සමරු උත්සව පැවැත්විය යුත්තේ මිය ගිය හමුදා විරුවන් වෙනුවෙන් යැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමිර්තලිංගම් ගේ සිට යෝගේෂ්වරන් දක්වා දෙමළ නායකයින් ඝාතනය කරනු ලැබුවේ සිංහල වැසියන් හෝ හමුදා විසින් නොව එල්ටීටීඊ සංවිධානය විසින් බව සිවාජිලිංගම් අමතක කර ඇතැයි ද හෙතෙම පවසයි.
සිවාජිලංගම්ලා ප‍්‍රභාකරන් සමරන්නේ නම් තිස් අවුරුදු යුද්ධයෙන් රටටත් ජනතාවටත් වු හානියට ඔවුන් වගකිව යුතු යැයි ද අමාත්‍යවරයා කියයි.
මෙසේ තහනම් කරන ලද සංවිධානයක සාමාජිකයින් නීති විරෝධී ලෙස උත්සව සංවිධානය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම රජයේ වගකීම යැයි ද අමාත්‍යවරයා පවසයි.
මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතු වලට ඉඩ තැබීම නිසා නව නාසිවාදයකට ඉඩ විවර වන්නේ යැයි කී අමාත්‍යවරයා ත‍්‍රස්තවාදින් වීරත්වයට පත් කරන සියලූ දෙනා ත‍්‍රස්තවාදින්ම විය යුතු යැයි ද කියයි.
එල් ටී ටී ඊ සංවිධානය යනු නිරායුධ අහිංසක සාමාන්‍ය වැසියන් සිය ගණන් මහ මාවත් වල මරා දැමු පිරිසක් බව සමරු උත්සව සංවිධානය කරන්නන්ට කියා දිය යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ බේරේ සංවර්ධන ව්‍යාපෘතිය එළී දැක්වීම සඳහා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී අද (27) පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍යවෙදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වගකීම කියන්නේ ඔබතුමාගේත් වගකීම තමයි.
ඕක උත්සවයකදි නොකියා, සිවාජිව පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවක කියන්නකෝ. එතකොට 225 ඇතුලු මුලු රටටම බලාගන්න පුලුවන්නේ.. සිවාජිගේ පිළිතුරත් සජීවී රූපවාහිනී විකාශනයෙන්. ඔයත් දැන් බයිලා මාස්ටර් කෙනෙක් වෙලා ලොක්ක වගේ. ඔක්කොම කතා මහජනයට තමයි, කියන්න ඕනෙ කෙනා මුන ගැහිලා කියන්නකෝ.
ලංකාව යනු දේශප්‍රේමීන්ට තත්වයක් හෝ පිළිගැනීමක් නැති ලෝකයේ එකම රටයි.
මෙහෙම හරි කියාපු එක ලොකු දෙයක්.
"සිවාජිලිංගම්ලා සමරු උත්සව පැවැත්විය යුත්තේ මිය ගිය හමුදා විරුවන් වෙනුවෙන් යැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි." එක මාර කතාවක්නේ. සිවාජිලිංගම්ලා, විග්නේශ්වාරන්ලා, සම්බන්ධන්ලා ඇතුළු ඩයස්පෝරාව සතුටු කරන්න හමුදා විරුවන් හිරේ දාලා දෙමළුන්ට මිය ගිය හමුදා විරුවන් වෙනුවෙන් සමරු උත්සව පවත්වන්නලු. දෙමළ මිනිසුන් අහයි ඔයාලට ඕනේ නැති සිංහල හමුදාව අපිට මොකටද කියලා...
ඔබතුමා කතාකරන්නේ හරියට ඔබතුමා විපක්ෂේ ඉන්නවා වගේනේ? අමෘතලිංගම් මැරුවේ කවුද කියන එක නෙමේ දැන් තිබෙන ප්‍රශ්නය... ලංකාවේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සමරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ලංකාවේ නීතිය යටතේ නඩු පවරන්න කියලා රජයේ කැබිනට් අමතිවරයකු වන ඔබතුමාට පුළුවන්නේ පොලිස්පතිගේ අවධානය යොමු කරන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේදී, කැබිනට් රැස්වීමේදී, ප්‍රශ්න කරන්න පුළුවන්... නැතුව මේ එක එක රැස්වීම්වල ඕවා කතාකරා කියලා පලක් තිබෙනවද? ඔබතුමා හිතනවද මිනිස්සු ඕවා අහලා ලබන ඡන්දේදි ඔබතුමාට මනාපේ ගහවි කියලා?
මොන දෙය කරන්නත් නිදහස් රටක් තිබෙන්න ඕනේ. එමනිසා ඔබතුමා ඇතුළු ආණ්ඩුව පියවරක් ගත යුතුය
ඊයේ යාපන සරසවි -වවුනියාව මණ්ඩපයේ සිංහල ළමයින්ට තර්ජන නිසා නේවාසිකාගාර වලින් යන්න වුණා. යාපනේ සරසවියේ හිරිහැර කළා. කනකපුරම් ඉස්කෝලේ ඩෙස් පුටු අරගෙන ඉස්කෝලෙම මහවිරු සැමරුම තිබ්බ. රනිල් මංගල මෛත්‍රී නිදි.දකුණේ පොඩි පාගමනකදී වුවත් වීරයන් සේ හැසිරෙන පොලිස්පති නිදි. විලි ලැජ්ජයි. මේ සමරන්නේ වසර තිහකට අධික කාලයක් රටේ මිනිස්සු මරපු. රට ලේ විලක් කරපු....රට දෙකඩ කරන්න හදපු කෙනෙක්ව........
මේවා අපිට කියන්නේ රෙදි ඇදගෙනද දන්නේ නැහැ. 2015 කුමන්ත්‍රණ සැලසුම් කළේ, මේ සියලුම දෙනා එකට. අද ඒ සැලසුමේ / පොරොන්දුවේ විදියට වැඩ ටික කෙරීගෙන යනවා, රට හෙණ ගැහුවත් කමක් නැහැ. මෙයාලට ඕනේ රටේ ප්‍රශ්න වැඩිවෙලා, මිනිස්සු උද්ඝෝෂණ කරලා හතිවටෙන්න. එතකොට මෙයාලට පුලුවන්නේ , ඉන්දියාවට වෙච්ච පොරොන්දුව එට්කා ගිවිසුම ගෙනෙන්න. මේ උදවියගේ දේශපාලනය මෙතැනින්ම කෙලවර කරන්න ජනතාව වගබලාගන්න ඕනේ.