(අරණායක -ප්‍රදිප් කුමාර ධර්මරත්න සහ මාවනැල්ල- බණ්ඩාර ජයරත්න.)
අරණායක දෝතල්ඔය බේරවිල ප්‍රදේශයේ ඇල්ලකින් පහලට වැටී 34 හැවිරිදි තරුණයෙකු අද (24 දා) දහවල් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සිට උස්සාපිටිය අලුපත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි බව කියන එම්.කේ සේනක මධුරංග නැමති තරුණයෙකි.
මිය ගිය තරුණයා ඇතුළු තරුණයන් හත්දෙනකු දෝතල්ඔය ප්‍රදේශය නැරඹීමට ගොස් ඇති අතර මොරටිය පාලම අසල ඇල්ලක් නැරඹිමට ගොස් එහිදි සෙල්ෆි ඡායාරූප ගැනිමට ගිය අවස්ථාවේ පහලට ඇද වැටි බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බවද පැවසෙයි. මිය ගිය තරුණයාගේ මරණය පිළිබඳ මරණ පරික්ෂනය පැවැත්වෙන තුරු අරණායක දිසාරෝහලේ මෘතශරිරා ගාරයේ තැපත්කර ඇත.
අරණායක වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දහම්පත් මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරික්ෂක ජයලත්, උප පොලිස් පරික්ෂක ජයරත්න යන මහත්වරු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ සෙල්ෆි තහනම් කලාප තියනවා. ඒ වගේ ලංකාවෙත් තිබ්බොත් නරකද ??