IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


සරසවි සිසුන් ඇතුළු5 දෙනා ඝාතන සිද්ධියේ වාර්තාවක් දෙන්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)
ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැදගත් සාක්කිකරුවන් තිදෙනා පදිංචිව සිටින ස්ථානයන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කළේය.
 
විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරයෙකු, සෙබළුන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු චෝදනා ලැබ සිටි අතර ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්කි මෙහෙයවා නොමැති බව සදහන් කරමින් මහෙස්ත‍්‍රාත්වරයා විසින් එම සැකකරුවන් නිදහස් කොට තිබිණි.

එම සිද්ධියේදී මනෝහරන් රජිතහරන්, යෝගරාජා හේමචන්ද්‍රන්, ලෝහිත රාජා රෝහන්, තංගදොරේයි සිවනාදන් සහ සම්මුගරාජා ගජේන්ද්‍රන් නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට හා තවත් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකළ බවට මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව විභාග කෙරිනි.

සැකකරුවන් නිදහස් කරමින් මහෙස්ත‍්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගය කෙරෙහි අවධානය යොමු කිරීමේදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් එම සැකකරුවන් නිදහස් කොට තිබුණද වැදගත් සාක්කිකරුවන් සොයා ගනු ලැබුවහොත් මුලික විමර්ශනය නැවත විවෘත කොට එම සාක්කිකරුවන්ගේ සාක්කි විමසීමට අවසර ලබාදී ඇති තත්වය පිළිබදව අවධානය යොමු කළ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා, පොලිස්පතිවරයාට එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
 
2006 වසරේ ජනවාරී මස 02 වැනිදා ත‍්‍රිකුණාමලය වරාය පොලිස්වසමට අයත් ගාන්ධි වටරවුම අසල ප‍්‍රදේශයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු  පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරී සරත්චන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්‍ෂක රෝහිත විජිතකුමාර ඇතුළු පොලිස් විශේෂ කාර්ය  බළකායේ විවිධ තරාතිරම් වල සෙබළුන්ද පොලිසියේ විශ‍්‍රාමික උප පොලිස් පරීක්‍ෂවරයෙකු ඇතුළු සැකකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවක් ත‍්‍රීකුණාමලය මහෙස්ත‍්‍රාත් එච්.එම්. මොහොමඞ් හම්සා මහතා හමුවේ විභාග කෙරිණි.

මෙම නඩුවේ සාක්කිකරුවන් 36 දෙනෙකු නම් කොට තිබු අතර එම සාක්කිකරුවන් අතුරින් සාක්කිකරුවන් 08 දෙනෙකු සාක්කි ලබාදීම සදහා අධිකරණයට නොපැමිණි අතර එලෙස නොපැමිණි සාක්කිකරුවන් අතර මෙම සිද්ධියේදී තුවාල ලැබු දෙදෙනා වයි. පුන්කලලෝගන්, පරරාජසිංහම් කොහුල්රාජ් සහ මෙම සිද්ධීයේදී තුවාල ලැබු අයෙකුගේ පියකු වන වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතාද වේ.
 
මෙම සිද්ධියට අදාළව වසර 05ක පමණ කාලයක් පුරා සිදුකළ සාක්කි විභාගයේදී සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා ප‍්‍රමාණවත් සාක්කි මෙහෙයවා නොමැති බව දහන් කරමින් විත්තිකරුවන් සියලු දෙනාම නිදහස් කෙරිණි.
 
මෙම සිද්ධිය පිළිබදව අවධානය යොමු කළ නීතීපතිවරයා මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ වගතුග සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වසර 05ක පමණ කාලයක් ලබාගෙන තිබුණද එම වැදගත් සාක්කිකරුවන් පදිංචි ස්ථානයන් සොයා සිතාසි බාරදීමට රහස් පොලිසියට නොහැකි වී ඇතැයි පෙන්වා දෙන නීතීපතිවරයා එම වැදගත් සාක්කිකරුවන් පදිංචි ස්ථානයන් වහාම සොයා ගැනීම සදහා පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
 
ඒ අනුව සිදුකරන විමර්ශනයන් සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් කඩිනමින් තමන්ට බාරදීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
 
 
 



අදහස් (0)

සරසවි සිසුන් ඇතුළු5 දෙනා ඝාතන සිද්ධියේ වාර්තාවක් දෙන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 66 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site