(සෙනරත් බණ්ඩාර)
සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය අද (22) ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
ගලහා මංසන්දියේ එක් මංතීරුවක පැයක පමණ වාහන ගමනා ගමනට බාධා වූ අතර මාර්ගය මැද විරෝධතාකරුවෝ ටයර් පිළිස්සූහ.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසුවේ කොළඹ සෞඛ්‍ය අමාතංශය දක්වා විරෝධතා පාගමනක් ගියේ ජනතාවගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය මුදලට විකිණීමටත් සහ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් සහ එම කරුණු පිළිබද රජයට දැනුවත් කිරීම සදහා බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සරසවි සිසුන්ට පහර දුන්නේ ගෙවල් වලට ඇවිල්ල අහිංසකව නිදාගෙන සිටි සිසුන්ටද ? නැත්තම් විශ්වවිද්‍යාලය ඇතුලට ඇවිත් (මහජන මුදලින්) අධ්‍යාපනය හදාරන සිසුන්ටද ? අපි නම් දැක්කේ වනචර ත්‍රස්තවාදී පරිසක් විසින් රජයේ අමාත්‍යංශයක් අත්පත් කරගෙන අලාබහානි කිරීම පොලිසිය විසින් මුදා ගැනීමක්.