(අමල් වික්‍රමරත්න)
ප්‍රධාන ඉල්ලීම් තුනක් ඇතුළු ඉල්ලීම් 14 ක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අද 22 සහ හෙට 23 දීප ව්‍යාප්ත සංකේත වාර්ජනය ආරම්භකර ඇතැයි එහි ලේකම් දයාල් අබේසිංහ මහතා පවසයි.
මෙම තත්වය නිසා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනයවන විශ්ව විද්‍යාල 15 ක,මණ්ඩප 3 සහ උසස් අධ්‍යාපන ආයතන 18 ක කටයුතු මුළුමනින්ම අඩාළ වී ඇති බව වාර්තාවේ.
වැටුප් ප්‍රශ්නයක් ඇතුළු සිය ඉල්ලීම් පිළිබදව සාකච්ඡාවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගෙන් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඉල්ලීම් කළද මෙතෙක් ලැබී නැතැයි ලේකම්වරයා පැවසීය.
මේවන විට විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භකර ඇති වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇත. අද ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ඉන්නකම් ෆයිට් එක දීලා ඉල්ලන ඉල්ලීම් ලබා ගන්න එක හොඳය. ඊ ළඟ ආණ්ඩුව ආවම ඔවා හරියන්නේ නැහැ.
මේ ගොල්ලෝ තව මොනවද ඉල්ලන්නේ. අනෙක් රජයේ සේවකයන්ගේ පඩි දිහා බැලුවම මේ ගොල්ලෝ ගන්න පඩිය සෑහෙන්න වැඩි. ඇති විශේෂ සුදුසුකමකුත් නැහැ.
ඔවුන්ට හොඳ දීමනා ලැබෙනවා. වැඩිපුර අවශ්‍ය වන්නේ ඇයි? වැඩිපුර වැටුප් අඩු කාර්යයක් වන්නේ රජයේ සේවක ආදර්ශ පාඨයයි. .