IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘සරසවියේ මුල්‍ය වංචා ගැන චෝදනා ලැබුවෙක් එජාපයේ මන්ත්‍රීවරයකු වීම පුදුමයක්‘

(ආරියරත්න රණබාහු සහ  සුජිත් හේවාජුලිගේ)


ඔලුවිල් විශ්ව විද්‍යාලයේ  මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන අවභාවිත කිරීමේ  චෝදනාවට ලක් වු  ආචාර්යවරයෙක් එජාප නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.


මෙම ආචාර්යවරයා විශ්ව විද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම විදුලිබිල්  ගෙවීම ආදි චෝදනා මත කෝප් කමිටුව විසින්  පරීක්ෂණ පවත්වන බව පැවසු අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක්  නිකුත් කර ඇතැයිද කීවේය.


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ද මෙම තැනැත්තාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද එවැනි පුද්ගලයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එක්සත් ජාතික පක්ෂය යටතේ දිවුරුම් දීම එම පක්ෂයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බවද සඳහන් කළේය.

ඔලුවිල් විශ්ව විද්‍යාලය තුළ  මහා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම දිගින් දිගටම සිදු කරන බවද ඇමැතිවරයා කීය.


උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඔලුවිල් විශ්ව විද්‍යාලයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකදී තමාට මෙම කරුණු අනාවරණය වු බව කී ඇමැතිවරයා ඒ අනුව පරීක්ෂණ සිදු කරන බව කීවේය.


අමාත්‍යවරයා මේ කරුණු සහන් කළේ උසස් අධ්‍යාපන හා සංස්කෘති අමාත්‍යංශය යටතේ ඉරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයේදීය. 



අදහස් (13)

‘සරසවියේ මුල්‍ය වංචා ගැන චෝදනා ලැබුවෙක් එජාපයේ මන්ත්‍රීවරයකු වීම පුදුමයක්‘

Raveendra Friday, 08 June 2018 11:10 AM

අපටනම් මෙහි කිසිදු වැරද්දක් පෙනෙන්නට නැත. අප එසේ පවසන්නේ තක්කඩි රෑනට තව එක් තක්කඩියෙක් එකතුවීම හැර වෙන කිසිවක් නොමැත.ඉක්මනින්ම මේ හාදයාටත් මහජන සේවය කිරීම පිණිස අපේ මහජන මුදලින් ඔහුගේ අදහසින් ලක්ෂ 300-500 පමණ හෝ ඊට වැඩි රථයක් ඉක්මනින්ම ගෙන්වදීම අපේ යුතුකමයි. මක්නිසාදයත් මේ බෝබිලාටත් කොන්දේ ඇට ගැලවී තියෙන්න පුළුවන්, කොන්දේ තැටි ගෙවිලා තියෙන්න පුළුවන්. මොලේ මැරිලා තියෙන්න පුළුවන්.

:       0       262

MaheeSaturday, 09 June 2018 12:06 AM

සම්පුර්ණ ඇත්ත. තව එක හොරෙක් එකතු වුනා කියල අපේ රුපියල් කෝටි කීපයක් ගියා වුනත් අපට හරි සන්තෝසයි. අලුත් හොරෙක් ඕනෑ කියල ප්‍රචාරක දැන්වීම් වගයක් ගහල තිබුනේ මේ පුරප්පාඩුව හින්ද වෙන්න ඕනෑ. මුලික සුදුසුකම් විශ්ව විද්‍යාලයේදීම සපුරල තියෙන නිසා අළුතින් ට්‍රේනින් එකක් ඕනත් නැහැ.

:       0       5

RaveendraSaturday, 09 June 2018 04:37 AM

මහී මයා වෙත, ඇත්තෙන්ම ඔබ පැවසු පරිදි මේ අයට පුහුණුවක් අවශ්‍ය නැහැ. හොරකම් පිළිබඳ හසල දැනුම විශ්වයේ දැනුම ලබන ස්ථානයෙන්ම ලබාගෙන ඇති බැවින් ඒ පුහුණුව සඳහා යන වියදම මෙම පත්විම දුන්නු අය විසින් රටට ඉතිරිකර තිබීම සතුටට කාරණයකි.

:       0       2

sam Friday, 08 June 2018 11:16 AM

ජනාධිපති නීතිඥ තුමා තවම චෝදනා ලැබුවෙකු හා වරදකරුවෙකු අතරේ වෙනස දන්නේ නැතුවා වගේ .

:       217       27

Sunil Friday, 08 June 2018 11:33 AM

අපිට නම් පුදුමයක් නොවේ.

:       36       45

සතයපාල Friday, 08 June 2018 01:24 PM

ඕක මොකක්ද ඇවන්ගාඩ් මුදලාලිගෙන් සල්ලී ගත්ත අය දැන් ඇමතිවරු වෙලා ඉන්නේ ඇමතිතුමෝ!

:       22       174

rocky Friday, 08 June 2018 02:50 PM

අලුත්ම දර්ශනය අනුව උසාවියේදී ඔප්පු කරන්න බැරි මොන අපරාධයක් කෙරුවත් එය වරදක් නොවේ.

:       1       46

sas Friday, 08 June 2018 03:59 PM

ලංකාවේ සෑම රජයේ විශ්ව විද්‍යාලයකම ඔය ප්‍රශ්න තියනවා.

:       0       3

Sanjeewani Friday, 08 June 2018 06:30 PM

ඔබතුමත් රුපවාහිනී නඩුවලට ගිහින් කොටී ගණන් නිකරුනේ ලබාගත් බව අපි පත්තරවල දැකල තියෙනවා. තවද පිලිකා රෝහලට යන්ත්‍රයක් දීල විසි ගුණයක් අදායම් බද්දට පෙන්නුවා කියලත් අහල තියෙනවා.

:       0       5

rocky Saturday, 09 June 2018 01:57 AM

හිර ගෙදර සිටිය යුතු තක්කඩි මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට වඩාත්ම සුදුසු!

:       0       0

udaya Saturday, 09 June 2018 02:17 AM

අයියෝ ඕක මොකක්ද ඇමතිතුමා. මහබැංකුව කොල්ල කන්න උදව් දුන්නු අය ඔය ලොකු පුටුවල ඉන්නේ. හොරුන්ට ගිය රටක් නේ...

:       120       1

Sunil Saturday, 09 June 2018 04:04 AM

එ්ක කොච්චර ලොකු සුදුසුකමක්ද?

:       0       1

faizer Saturday, 09 June 2018 09:29 AM

මන්ත්‍රීවීමේ ප්‍රධානම සුදුසුකම් වලින් එකක් තමයි හොර කම... අනික ජඩකම... ප්‍රසිද්දියේ ගුරුවරු දණගස්සපු, රජයේ සේවකයන් ගස් බැඳපු අයත් මන්ත්‍රී ඇමති වෙච්ච රටක මේවා කජ්ජක්ද?

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 189 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1050 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site