(ප්‍රසාද් මුතුකුඩ )

ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සිට  පසුගිය දින  ගුවන් මගින්  මෙරටට   වැඩම කරවු ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා   මූලගන්ධිකුටි  විහාරයට නැවත   වැඩම කරවීම  සඳහා අද (03)     පැවති උත්සවයට බුද්ධශාසන  අමාත්‍ය ගාමිණි ජයවික්‍රම  පෙරේරා  මහතා  ඇතුළු  පිරිසක් කටුනායක ගුවන්තොටුපළ  සිරිලක් මැදුරට  පැමිණ සිටියහ. 

 බුද්ධ රශ්මි  වෙසක් කලාප ප‍්‍රදර්ශනය   පැවැත්වීම ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා     මෙහි වැඩම කරන ලද්දේ ඉන්දියාවෙන්  කරන ලද ඉල්ලීමකට අනුව  අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

ඉන්දියානු  ගුවන්සේවයට අයත්  ඒ අයි 282 දරණ ගුවන් යානයෙන් ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා  තැම්පත් කර තිබු මංජුසාව සහිත කරඬුව  අමාත්‍ය ගාමිණි ජයවික්‍රම  පෙරේරා  මහතා විසින් ගුවන්තොටුපළ ඉන්දියා මහා බෝධි සංගමයේ   භාණ්ඩාගාරික දීපාක් කුමාර්චෞත්‍රි මහතාට  භාර දීම සිදු කෙරිණි.