(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ”සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ අංක WPKA 0642 දරන ඩිෆෙන්ඩර් රථය මියගිය රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් නැමැත්තාගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් ඇතුළත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දුන්නේය.
එසේම, එම ඩිෆෙන්ඩර් රථය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ අංක තුන අධිකරණයේ විභාග වන අංක බී/849/13/12 නඩුවට අදාළව නඩු භාණ්ඩයක් ලෙස ලේඛන ගත කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ ලේඛනාගාරයට නියෝග කළේය.
ඝාතනයට ලක්වූ මොහොමඞ් වසීම් තාජුඞීන් පැහැරගෙන යාමට මෙම ඩිෆෙන්ඩර් රථය යොදා ගෙන ඇති බවට සාධාරණ සැකයක් පවතින බැවින් එම රථය අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් නම් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිලිය ලොක්කිව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි!
තාජුදීන් නැගිට්ටෝ. ඡන්දෙ ලඟ එනවෝ...
ඡන්දේ ළඟ එනවනේ...
සැකකරුවන් අත් අඩංගුවට ගන්න නැතුව, නඩු භාණ්ඩ පමණක් ප්‍රමාණවත්ද? ජනතාව මුලා කරන වැඩක්. දැන් අවුරුදු තුනහමාරටත් වැඩි.
සාක්කි තියෙනවා නම් අල්ලලා කුඩුවේ දාන්නේ නැතුව මොනවා කරනවද? මුළු ලංකාවම දන්නවා තාජුදින්ව මැරුවේ කවුද කියලා...
ගණන් ගන්න එපා. කොටස් වශයෙන් පලවෙන චිත්‍ර කතාවක්.
පුදුම නඩු තමයි මේවා. මිනීමැරුම් නඩු විසඳන්නේ මැරිච්ච කෙනාගේ සොහොනේ රූස්ස ගස් වැවුණාට පසුවයි. අතවරයකට ලක්වූ කාන්තාව ආච්චි කෙනෙක් වුණාට පසුව වන්දි ලැබෙනවා. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කිව්වේ නිකමටද?
තාජුදීන් මේවා ඔක්කොම බලාගෙන ඉන්නේ. ඔහු වෙලාවට පරිවේෂණීය සාක්ෂිය අරගෙන ඇවිල්ලා නියම මිනීමරුවාගේ බෙල්ලට අතතබයි..
මේ නඩු භාණ්ඩය වැඩකට නැතුව දිරලා යනවා නඩුව අහන්නත් ඉස්සර වෙලා.
ඩිෆෙන්ඩරය දිරාපත් වෙනකන් නඩුව අවසන් වෙන එකක් නෑ.