(දිලීප් ජයසේකර / රොෂාන් දිලිප් කුමාර)
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති.
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ තරග පැවති කාල සිමාවේදී ක්‍රිඩාංගණයේ සේවය සදහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බදවාගෙන තිබේ. ඔවුන් සදහා රැපියල් 1000 දෛනික දිමනාවක් ලබා දි තිබේ. මේ සදහා ප්‍රදේශයේ තරුණයන් 100 ක් පමණ බඳවාගෙන තිබු අතර ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය බවට පත් වුයේ ක්‍රිඩාංගණයේ වැසි ආවරණය යෙදීමයි.
කෙසේ හෝ ශ්‍රි ලංකාව සිම්බාබ්බේ සමග පැවති තරගාවලිය ඊයේ (10) දින නිමා විමෙන් පසු එහි සේවය කල කම්කරුවන්ගේ තමන්ගේ දෛණික වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම ආපසු දෙන ලෙසයි. හදිසියේම මුහුණදීමට සිදුවූ මෙම තත්වයත් සමගින් එහි සේවය කල කම්කරුවන් දැඩි අසරණ තත්වයකට හා අපහසුතාවයකට පත් වුයේ ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇදගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒමයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කම්කරුවවෝ මෙසේ පැවසූහ.
අපි දෛණිකව රුපියල් 1000ක දිමනාවකට තමයි මෙහි සේවයට ගත්තේ. මන් අදට දින 06 ක් මෙහි වැඩ කලා. අද වැටුප් ලබා ගන්න ගියාම කියනවා වැටුප් ගන්න නම් ඇඳගෙන ඉන්න කලිසම ගලවා දෙන්න කියලා. අඩුම තරමේ මේ අයට අපිට ඒ පිළිබදව වේලාසනින් දැනුම් දෙන්න තිබුණා. එහෙම වුනානම් අපි වෙන කලිසමක් වත් අරගෙන එනවා. කලිසම දෙන්නේ නැතිනම් වැටුප් නොදෙන නිසා ඇද සිටි කලිසම් ගලවා දිලා යට ඇඳුම පිටින් ගිහින් වැටුප් අරගෙන ආවා. දැන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ. ටිකක් රෑ වෙනකම් ඉදලා හෙමින් සැරේ ගෙදර යනවා යැයි පැවසිය.
මෙම තත්ත්වය එහි සිටි කාගේත් දැඩි අප්‍රසාදයට කාරුණක් විය.
බොහෝ අය පැවසුවේ කම්කරුවන් දින 06ක් තිස්සේ ඇද සිටි කලිසම් ගලවාගෙන ක්‍රිකට් ආයතනය කරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිළි නැති බවයි. කෙසේ වෙතත් කම්කරුවන් ඇද සිටි කලිසම් ගලවා දීමෙන් පසු පිරිසක් යට ඇදුම් පිටින්ම ගිය අතර තව පිරිසක් තමන් ඇදි සිටි බැනියම ඇඳගෙන නිවෙස් වෙත යනු දැකගත හැකි වීය.


COMMENTS
රටේ ඉන්න මහ එවුනුත් එහෙම ඉන්න නිසා අනිත් මිනිස්සුත් එහෙම ඉන්න ඕනේ කියලා හිතන්න ඇති..
හිත වසගකළ යහපාලනයේ තවත් සුන්දර දසුනකි. ලද දෙයින් සතුටුවෙන්න, ආයිමත් මෙවැනි උගුල් වලට හසුවෙන්නම් එපා.
ක්‍රිකට් බංකලොත් වෙච්ච ප්‍රමාණය මේකෙන්ම පේනවා.
ගලවන් ගියපු කලිසම් ටික අලුත්ම කලිසම් 100ක් විදිහට ටෙන්ඩර් එකක් දල අපහු ගනී ඊගාව තරගාවලියට.
කලිසම් ගල්ලවන්න තිබුනේ ලංකා වේ කණ්ඩායමේ.
මේ අය දවස් ගානක් හෝදන්නේ නැතිව ඇඳපු කලිසම් ටික අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලට අන්දන්න දෙන්න ඕන හෝදන්නේ නැතිව
ඇත්ත ට ම යුනිෆෝම් එකක් එහෙම දෙන්න බෑ තමයි . ඒත් ඒක ගත්ත විදිහ වැරදි නම් ඉතින් වැඩේ හරි නෑ ..... ඕවා දුන්නත් ඊට පස්සේ ත් පුලුවන් නේ පිට්ටනිය ට රිංගල යන්න අවසරයක් නැතුව ...
දැන් රෙදි ගැලවිලා තියෙන්නේ ක්‍රිකට් ආයතනයේ.
බලධාරීන් රෙදි ගළවා දාන්නේ දුප්පත් මිනිස්සුන් ගෙ
ලජ්ජයි ක්‍රිකට් පරිපාලකයෝ ගැන..
යස පාලනයක්, රස ආකරයක්....!!!
මට කියන්න ගොඩක් දේවල් නැහැ.ලංකාව අවුරුදු 63-64 තිස්සේ ආපස්සට ගමන් කරන්නේ.එක ලාංකිකයෝ වසයෙන් අපි ඔක්කොම වග කිව යුතුයි කියලා මගේ හැගිමනම්.පිළිතුරක් දෙන්න තියන්නේ බණ්ඩාරට සුබ අනාගතයක පාලන සමයේ උන දේවල් වලට වඩා Naraka දෙයක් යහපාලනය පාලන කාලයේ වෙන එකක් නැහැ.පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගියාට කමක් නැහැ ඇදුම් ඇදගෙන. ඕකට ගැමි කියමනක් තියෙනවා හරකෙක් උනාට උම්බෑ කියන්න එපා කියල.
ලංකාවට අබ සරණයි
කලිසම දීලා බේරූනා ඇති. මේ යන විදිහට තව ටික දවසකින් අපේ යට ඇඳුනුත් ආණ්ඩුව ගලවගනී ඊට යටින් තියන ඒවත් එක්කම.
රටේ ඉන්න කාලකන්නි දේශ පාලුවෝ උපන් ඇදුමෙන් ඔලුවෙන් හිටගෙන ඉන්න එක මේවා බොහොම සුළු දෙයක් .
නිලදාරීන් රෙදි ඇඳගෙනද දන්නේ නැහැ ගෙදර ගිහිල්ල තියෙන්නේ. (තව නුලෙන් මේ කම්කරුවෝ ග්‍රීස් යක්කු කියල ගම්මුන් විසින් අල්ල ගන්ට ඉඩ තිබුන)
අනියම් සෙවකයෝ විතරක් නෙවෙයි අපේ කන්ඩායම,ක්‍රිකට් මන්ඩලය,තේරිම් කමිටුව,ඇමතිතුමා සියල්ලම රෙදි නැතිව ගියේ තරගවලිය පැරදිල
ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවේ දැන් රටත් බංකොලොත් වෙලා තියෙන්නේ.
පින් කැටේටත් විදපු උන් කලිසමත් ගලවගෙනම ගියා
ඔය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න එවුන්ගේ කලිසම් ගලවලා මහ පාරේ ප්‍රදර්ශනය කරන්නයි තියෙන්නේ. අනේ මෙහෙමත් වසලයෝ
ක්‍රිකට් ගහන අයට ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකු වෙලා.
පාවිච්චි කරපු කලිසම් ගලවල තිබෙන්නේ ඒ ගලවපු මෝඩ නිලධාරිගේ පුත්තුන්ට දෙන්න කියල තමා ආරංචිය තියෙන්නේ
අපරාදේ, හැමෝටම තිබුණේ මොකවත්ම නැතුව ගිහින් පඩි ගන්න!