(උපාලි ආනන්ද)
යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරිඳක සහ හමුදා සෙබලූන් තිදෙනෙකුගේ මවකද වන 50 හැවිරිදි කාන්තාවක් බීමත්ව රංචු ගැසී වරින් වර සමූහ දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකාර හිටපු යුද හමුදා කෝප‍්‍රල්වරුන් තිදෙනෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දෙනු ලැබීය.
ලබන ඔක්තෝබර් 9 වැනි දා යළි අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
2013 වසරේ ජූලි 23 වැනි දා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් හොරොව්පොතාන නබඩවැවදී කාන්තාවක දුෂණය කර ඇය සතුව තිබූ රන් භාණ්ඩ මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ වෙන් වෙන් වශයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
කාන්තාව සමූහ දුෂණයට ලක් කිරීමෙන් පසුව විත්තිකරුවන් ඇය සතුව තිබු මුදල් පසුමිබියක්, ප්ලෑසර් වර්ගයේ විදුලි පන්දමක්, රන් කරාබු ජෝඩුවක් සහ ජංගම දුරකකන දෙකක්ද පැහැර ගෙන පලා ගොස් සැඟව සිට ඇත.
සැකකරුවන් අදාළ කාන්තාවගෙන් පැහැර ගන්නා ලද ජංගම දුරකථනයේ ඉමි අංකය ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව අපරාධය සිදුවී දින 19 ක් ඇතුළත ඉතා සුක්ෂම අයුරින් පොලිස් උපාය දුතයින් යොදවා විත්තිකරුවන් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් රට බේරාගත් රණවිරුවන් දඩයම් කරනවා. බමුණුආරච්චි මහත්තයෝ මහින්ද නැවතත් රටේ පාලනය කල යුතුයි නේද? රණවිරුවන්ට අගයක් ලැබීමට නම්...
ලංකාවේ පොලිසියට ඕනෑම අපරාධයක් මාසයක් ඇතුළත අල්ලගන්න පුළුවන්... නමුත් බලපුළුවන්කාර තක්කඩින්ට පොලිසිය අකර්මණ්‍ය කරන්නත් පුළුවන්. මහාපරිමාණ කුඩුකාරයොයි දේශපාලන හයිරන් කාරයෝයි තමයි අපිට හෙනේකට ඉන්නේ...
මම සැරයන් නම් ටී56 පතුරම් ඉවර වෙනකම් මුළු ඇඟටම වෙඩි තියලා ඇඟ හිල් කූඩයක් කරනවා.. මරන්නේ නැත.
දැන් මේ අය තර්ක කරන විදියට සිංහල කාන්තාවකට අතවර කලහොත් අපරාධකාරයෙක් ඔහුට හෝ ඔවුන්ට තරාතිරම හෝ වෙනත් කිසිවක් නොබලා දඩුවම් දිය යුතුයි. දෙමළ හෝ මුස්ලිම් කාන්තාවකට අතවර කලභොත් රණවිරුවෙක් ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ එන්.ජී.ඕ.වල වුවමනාවට... නැත්නම් උතුරේ ඡන්ද බලාගෙන කරන දඩයම්. මේ බොළඳ තර්ක වලින් මිදිලා යථාර්ථවාදීව සිතන්න හා වැඩකරන්න සුදානම් නොවන තාක් මේ රට අඳුරේ තමයි.
යුදහමුදා නීතිය යටතේ මේ තිදෙනාට මරණීය දඩුවම දෙනවද.
රාජකාරී අවස්ථාවක් හෝ යුනිෆෝම් පිටින් මේ අපරාදය කලානම් කෝට් මාර්ෂල් කරාවි.... නැතිනම් පොදුනීතිය යටතේ දඬුවම් කරවි කියා සිතේ....