(ආරියරත්න රණබාහු)
දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා අද (17) අභවප්‍රාප්ත විය.
මිය යන විට 69 වන වියේ පසුවු ඒ මහතා දෙදරු පියෙකි.දොරවල මද්දලාගේ සරත් බැද්දගේ නමින් බලංගොඩදී උපත ලබා ඇති ඔහු චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ බලංගොඩ සරත් මධු යන නාමය භාවිතා කර තිබේ.
බලංගොඩ බුද්ධ ජයන්ති මහ විදුහල සහ බලංගොඩ මහා විද්‍යාලය යන පාසල් වල ආදී ශිෂ්‍යයකු වූ ඒ මහතා උසස් පෙළ පන්තියේ ඉගෙනීම ලබන කාලයේදීම ටයිම්ස් පුවත්පත් අයතනය ප්‍රකාශයට පක් කළ පැරණි ලංකාදීප පුවත්පතේ මාධ්‍යෙව්දී ධර්ම ශ්‍රි කල්දේරා රචනා කළ ‘‘රාජ උදහස‘‘ චිත්‍රකතාවට චිත්‍ර ඇඳීමෙන් එම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත.
පසුව වෘත්තීයෙන් විද්‍යා ගුරුවරයෙකු වූ සරත් මධු මහතා එම වෘත්තීයේ සිටියදීම සතුට චිත්‍රකතා පුවත් පතට සම්බන්ධ වී තිබේ.
ගුරු වෘත්තීයෙන් සමු ගැනීමෙන් පසු පුර්ණකාලීනව චිත්‍රකතා ශිල්පියකු වූ සරත් මධු මහතා ඉන්පසු සිත්තර , සත්සිරි , හිතවත ,සදා වාසනා යන චිත්‍රකතා පුවත්පත්වල සේවය කර ඇත.
ඔහුගේ ජනප්‍රියතම චිත්‍රකතාව ලෙස ‘‘ඉතිං ඊට පස්සේ‘‘ 70 දශකයේදී ජනප්‍රියවූ අතර එහි කොටස් 105කින් පසු හෙතෙම සිත්තර පුවත් පතින් ඉවත්වූ පසුදා එම කතාව වෙනත් ශිල්පීන් සිතුවමට නගා තිබිමෙන් එහි ජනප්‍රියත්වය පැහැදිලිවේ.
එම චිත්‍රකතාවේ ජනප්‍රිය භාවය හේතුවෙන් වික්ටර් රත්නායකයන් එම කතාවේ පෙම්වතුන් දෙපල වන කැලුම් සහ දේදුනු අලලා ඉතිං ඊට පස්සේ නමින් ගීතයක්ද නිර්මාණය කර ඇත.
ඔහුගේ ජනප්‍රිය චිත්‍රකතා අතර නිව්රෝ,ඉසංකා,ඉත්තෑවා,ඉටු දෙවියා සහ ලංකාදීප පුවත් පත සමඟ බෙදා දෙන සතුට චිත්‍රකතා පත්‍රයේ සිහිනයක මල් පිපිලා යන චිත්‍ර කතාද වේ.
දේහය මහරගම ,පරණ පාර, නාවින්න ,නාමල් උයන 154/8 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා (20) පස්වරු 3.00ට නුගේගොඩ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
COMMENTS
රූපවාහිනී නොතිබ්බ යුගයේ චිත්‍රකතා පත්තර අතිශයින්ම ජනප්‍රියයි. ඒ අතරෙත් ඉතින් ඊට පස්සේ එකල තරුණ සිත් උදුරා ගත්තා. ඔහුගේ චිත්‍ර අදටත් මැවිලා පෙනෙනවා. රූපයකින් මැවිය නොහැකි බොහෝ දේ තෙලි තුඩකින් මැවූ ඔබ අද ජීවන ගමන නිමාකරලා. මිතුර ඔබට නිවන් සුව ලැබේවා !!!
ලංකාවේ සිටි අති දක්ෂ චිත්‍ර ශිල්පීන් අතරින් කෙනෙක් බලංගොඩ සරත් මධු. 70 දසකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාධයක් වූ චිත්‍ර කතා පත්තරය තුල ඔහු හා සම කල හැකි චිත්‍ර ශිල්පියකු නොවු තරම්.දසක ගණනක් සහෘදයන් සැනසු මේ සිත්තරාට අපගේ ප්රණාමය !
අපි ඉස්කෝලේ යන කාලේ ඉතා අසාවෙන් කියෙව්වා මෙතුමාගේ චිත්‍ර කතා ඉතින් ඊට පස්සේ, නිව්රෝ සතුට චිත්‍ර කතා පත්තරේ. එතුමා ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රියයි. ඒ කාලේ වෙන කිසිම සිත්තරෙකුට මෙතුමාට සම වෙන්න බැරි වුනා. මෙතුමාට නිවන් සුව ලැබේවායි පතමි.
සත්තකින්ම සුන්දර කලා කරුවෙක් , මේ ජීවිතයේ ස්වභාවයයි , සොයුර ඔබට නිවන් සුව !!!!
අපි ඉස්සර සිත්තර පත්තරේ අතට ගත්ත ගමන් බලන්නේ "ඉතිං ඊට පස්සේ" චිත්‍ර කතාවයි ඊළඟට "නිව්රෝ". සරත් මධු තුමාට නිවන් සැප ලැබේවා!.
ශ්‍රී ලාංකීය චිත්‍රකලාවේ කිරුළු පැළැදි සුපර් ස්ටාර්. ඔබට නිවන්සුව ලැබේවා.
තෙලිතුඩින් තරුණ හදවත් මන්මත් කල ,සදා තරුණ ,සරත් සොයුර ,ඔබට නිවන් සුව !
කාලයක් ලංකාවේ තරුණ තරුණියන් පිස්සන් කල අපට බැනවදිමින් වැඩිහිටියනුත් ප්‍රියකළ චිත්‍ර කතා ලොව සුන්දර මිනිසා.බලංගොඩ සරත් මධු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව..
කවුද ටෝගා කතාව ලිව්වේ? :)
ඔබට නිවන් සුව!
බන්ධුල හරිශ්චන්ද්‍ර,දයා රාජපක්ෂ,තලංගම ජයසිංහ වැන්නන්ගෙන් පසු තරුණ හදවත් ආකර්ෂණය කළ මෙන්ම ඔවුන් සිහින ලොවකට ගෙනගිය සරත්මධු ,ඔබට අපගේ හදවතින්ම ප්‍රණාමය..
නිවන්සුව ලැබේවා!
ඔබට නිවන් සුව
මට තාම මතකයි අපි ඒ කාලේ මෙතුමාගේ චිත්‍ර කතා රස වින්ද හැටි. මගේ ප්‍රියතම කතාව වුනේ යුනිකොර්න්. ඒ වගේම ඉතින් ඊට පස්සේ, චිත්‍ර උනත් හරිම ලස්සනයි වගේම තාත්විකයි. ඔබතුමාට නිවන් සැප ලැබේවා
මෙතුමාව මා පෞද්ගලිකව හඳුනමි. ඔහු ඉතා ශ්‍රේෂ්ට පුද්ගලයෙක් බව නොසඟවා කියමි සුනිල් බෙලිහුල්ඔය.
යුනිකො ඇන්දෙත් සරත්මධු නේද?
70 දශකයේ සාහිත්‍ය ඇසුර සහ දැනුම ලැබුවකු ලෙස, ඔබ ගේ වියෝව ගැන අතිශයින්ම කණගාටු වෙමි. ඒ යුගයට දායක වු නිර්මාණ ශිල්පීන් එකිනෙකා දිවි සැරිය නිමා කරමින් සිටිති. ඔබ තෝරාගත් කාරිය පරිපුර්ණව අවසන් කර ඇත. ඔබට නිවන් සුව බලංගොඩ සරත්මධු.
ඔබ වැනි ශ්‍රේෂ්ට කලාකරුවෙක් අපෙන් වෙන්වීම අපට දරා ගත නොහැකිය. ඔබගේ චිත්‍ර කතා අද වගේ අපට මතකයි. ඔබට නිවන් සුව.
ඔහු චිත්‍ර කතා වීරයෙකි. නිවන් සුව පතමි!
ශ්‍රී ලංකේය චිත්‍ර කතා ලොවේ නියමුවන්ගෙන් කෙනෙක්
එතුමාට නිවන් සැප ලැබේවා!
ඇතතටම ඔබ දෙවියෙක්
සරත්මධූ සර් ගැන කෙටියෙන් කියළා ලියලා ඉවරකරන්න බෑ... ඔහු ඒ තරම් චිත්‍රකතා ක්ෂේත්‍රයට කළ සේවය අමිලයි, ප්‍රතිභාපූර්ණයි, ශාස්ත්‍රීයයි.
සරත්මධූ සර් ගැන කෙටියෙන් කියළා ලියලා ඉවරකරන්න බෑ... ඔහු ඒ තරම් චිත්‍රකතා ක්ෂේත්‍රයට කළ සේවය අමිලයි, ප්‍රතිභාපූර්ණයි, ශාස්ත්‍රීයයි. මමත් දැනට ශ්‍රීලංකාවේ සුළු වශයෙන් නම්දරාපු ( Portraitist) ආලේඛ්‍ය චිත්‍රශිල්පියෙක්... මමත් චිත්‍රකතා ඇන්දා.. හැබැයි කෙටිකතා ! මටත් චිත්‍රකතා අඳින්න ආස හිතුණේ සරත්මධූ සර්ගෙ චිත්‍රකතා බලලා තමයි. මම ගොඩක් ආස මධූ සර් ඇන්ඳ වීරකතාවලට මම එතකොට ඉස්කෝලෙ 3 නේ පංතියේ ඉතිං මම චූටිකාලෙ මධූ සර් ඇඳපු ඉනෝමස්, වෝන් , Hawk Commando, යුනිකෝ , ස්පාක්... කියන මේ වීරයොන්ව චිත්‍ර පොත්වල අඳිනවා ඔහොම ඇඳලා අඳලා තමයි මට මානව රූප අඳින්න අත හුරුවේගෙන ආවේ... මගේ නෑදෑයින් යාළුවන් නම් කිව්වෙ මේක සහජ හැකියාවක් කියළා.... ඔව්.... නමුත් මගේ මේ හැකියාව පිටිපස්සෙ සරත්මධූ සර්රුත් ඉන්නවා කියළා මගෙ හදවත දන්නවා.