(ඉන්දිකා රාමනායක)
මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාර ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනකතු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
ඔවුහු මීතොටමුල්ල, ගනේමුල්ල ,නාවල සහ එඩේරමුල්ල යන ප්‍රදේශ වලදි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිව් දෙනා සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත අතර ඔවුන් අතර කාන්තාවක්ද සිටියි. සැකකරුවන් හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අපි "අපිට සතුටුයි" කියන්නේ නැහැ. සියලු සත්වයෝ නිවැරදි මගට පැමිණේවා!!!
සුරේෂ් ප්‍රියසාද්ගේ වයස 51 ක් වුනේ කොහොමද? කොතැනක හෝ වැරැද්දක් සිදුවී ඇත. එතකොට අරම්බෙපොල රතනසාර හිමියන් කෝ? අක්මීමන දයාරතන හිමියන් කෝ? ඒ හිමිවරු නේද ඔතන නායකත්වය දුන්නේ? එ් ගොල්ලොන් නේද මේ සිද්ධියට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනෑ!!
මොවුන්ව හඳුනාගෙන දින නියමයක් නැතිව එසේ කළ යුතුයි.
යකෝ මේක මාර නීතියක් නේ. වීසා නැතුව ආපු හොරෙන් හිටපු මිනීමරු අන්තවාදී කණ්ඩායම් වල කිසි වැරද්දක් නෑ. ඒ අයට ආරක්ෂාව දීපු අයගෙත් කිසි වැරැද්දක් නෑ. එ් අය අල්ලලා දීපු අය වැරදි කාරයෝ කරලා හිරේට දානවා. යහපාලනේ කිය කිය මේ කරන්නේ හරිම අපරාදයක් ...
ලෝකෙටම පිලලයක් වෙලා තියෙන අයව අපේ රටට වැද්දගෙන අපේ රටේ තියෙන ප්‍රශ්න තවත් වැඩිකරගන්නේ නැතුව එයාලව පිටුවහල් කලා නම් ඉවරයි. මුස්ලිම්වරුන්ට ඔයතරම් මිනිස්සු අකමැති එයාලගේ මිලේච්ච කම නිසායි. ලොකේ තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් සේරම වගේ මුස්ලිම් ජාතික සංවිධාන. ඔය වගේ අයව ආරක්ෂා කර කර සිංහල මිනිස්සුන්ව පාගන්නේ මුස්ලිම් ඡන්ද ටික ගන්න බලාගෙන මේ ආණ්ඩුවත්. කවදා හරි ඔය අාව මුස්ලිම් අයම තමයි ලංකාව අල්ලගන්න මුල් තැන ගන්නේ...
හැංගිලා ගල් ගහන නිවටයෝ ..!
බලාගෙන ඉන්න....මුස්ලිම් අපිටත් කාලයක් එනවා. එතකොට අපි බලාගමු.
හය දෙනෙක්ද සහභාගි වුනේ? එතකොට ඔය කලහයට නායකත්වය දුන්න පැවිද්දන් නීතියට ඉහලින්ද? ගිහියන් හෝ පැවිද්දන් යන දෙගොල්ලොම මිනිස්සු නොවේද? රටේ නීතියේ සමාන්මතාවයක් නැද්ද?
රියාස් සහෝදරයා ඔයාගේ ආගම වෙනස්, මගේ ආගම වෙනස් එත් අපි ඔක්කොම සිංහලනේ. ඔයාලගේ කුරානේ ලියල තියෙනවා ඔයා යම් මනුස්සයෙකුගේ හිත රිදෙව්වා නම් ඒ මනුස්සය ඔයාට සමාව දෙනකන් ඔයාගේ දෙවියන්වහන්සේ ඔයාට සමාව දෙන්නේ නෑ කියලා... ආගම කියන්නේ ආත්මය ගලවා ගැනීමේ මාර්ගය කියන එක. ඒ බව නොදන්නා මේ මිනිස්සු මේ හාමුදුරුවරු කරන දේවල් වලට විපාක ඒ අයට ලැබේවි ඇයි ඔයත් ඒ තත්වෙට වැටෙන්න හදන්නේ...? ජාතියක්, ආගමක් රැකෙන්න නම් මනුස්සය කෙරෙහි මනුස්සකම කරුණාව දයාව ප්‍රේමය තියෙන්න ඕනෑ.. එහෙම නැතුව මිනිස්සු මරලා කපලා කොටලා ජාතිය ආගම බේරගන්න බෑ...
බය වෙන්න එපා.. හෙට ඔක්කොමලා ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරිනවා... නඩුව අවසන්
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! , නීරෝගී වෙත්වා! කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා! ක්‍රෝධ නොකෙරේවා.. සියලු සත්වයෝම සාමයෙන් ගොස් දුකින් මිදෙත්වා. බුදු දහම කියාදුන් පාඩම් කාටවත් දැන් මතකයිනේ... ඒකයි දුක.