IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සොරාගත් රන් අබරණ සමඟ 12 දෙනෙකු අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)


දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නිවාස බිද සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත රන් ආබරණ සමඟ සැකකරුවන් 12 දෙනෙකු නොච්චියාගම ප්‍රදේශයේදි අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. 


නොච්චියාගම පොලිස් වසමේ හල්මිල්ලකුලම ප්‍රදේශයෙන් සැකකරැවන් 05 දෙනෙකුද ඕලුවැව ප්‍රදේශයෙන් සැකකරුවන් 07 දෙනෙකුද පසුගිය 07 වැනි දින සහ 08 වැනි දින මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.


අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සමඟ ඔවුන් නිවාස මංකොල්ල කැම සදහා භාවිතා කරන ලද ව්‍යාජ පිස්තෝල දෙකක්.ජංගම දුරකතන දෙකක්. බොරු කොණ්ඩයක්.දැලි පිහියක්.විදුලි පන්දමක් සහ කුලි පදනම මත ලබා ගෙන තිබු මොටර් රථයක් සහ වෑන් රථයක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.


නොච්චියාගම, තඹුත්තේගම,  අලව්ව, අඹන්පොල, වාරියපොල, ගිරිඋල්ල, දංකොටුව, සහ ගිරාදුරුකොට්ටේ වැනි ප්‍රදේශවලද මෙම සැකරුවන් විසින් ගිනි අවි පෙන්වා මංකොල්ල කැම් 19 ක් පමණ සිදුකර ඇති බව පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.


නිවැසියන් බිය ගන්වා මෙසේ කොල්ල කෑ රන් භාණ්ඩ උගස් කර තිබියද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.


සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනිම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹා  ඇති බවද පොලිස් අධිකාරිවරයා මෙහිදි පැවසිය



අදහස් (0)

සොරාගත් රන් අබරණ සමඟ 12 දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site