(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 982 දෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (20) සංශෝධන සහිතව සම්මත විය.
පනත් කෙටුම් පත උසස් අධ්‍යපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි.
පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අදහස් දැක්වු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කළ පසු සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම අහෝසි වන බව ප්‍රකාශ කළේය.
ඒ ආයතනයට මින් පසු වෛද්‍ය උපාධිය නිකුත් කළ නොහැකි බව කී ඇමතිවරයා ඊට අදාළ වගන්ති මේ පනත් කෙටුම්පතට ඇතුළත් කළ බවද පැවසීය.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම මේ පනතට පක්ෂව අදහස් දැක්වීම විශේෂයකි.මැතිසබයෙදී සවස 1:30 ට පමණ ආරම්භ වුණු විවාදය සවස 6 : 30 දක්වා පැය 05 පුරා පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හරිම සන්තෝසයි. පරණම සයිට්ම් ළමයි අවුරුදු 10 කට අසන්න කාලයක් හිතේ දෙගිඩියාවෙන් තමයි ඉන්න ඇත්තේ. එයාලට හැම පැත්තේම පහර ගැහුවත් නොසැලී තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ගිය ආකාරය ප්‍රසංශනීයයි. මොවුන්ට තවත් කල් නොයවා ඉතිරි වෛද්‍ය අධ්‍යාපන කටයුතු අවසන් කොට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වේවායි ප්‍රර්ථනා කරමි.
ඔය එක්කම වෛද්‍ය උපාධිය හදාරන්න පුලුවන් අවම කඩඉම ලෙස සී තුනක් ලෙස සංශෝධනය කරන්න.එ් කාලේනම් එස් තුනක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නමුත් එ්කාලේ වගේ නෙමේ දැන්.
සයිටමි ලමයින්ගෙ s 3 වඩා පුතිපල තියෙන අපිත් රජයේ පාලන ඇති ඵමෙන්ම පිලිගත් ආයතනයට අපවත් වෛද්‍ය උපාධිය ට ඇතුළු කර ගත යුතුය වහාම අයදුම් පත් කැදවනු නැතිනමි ඔවුන් හෙට දවසේ පාරට බසිනු
දයාරත්න ගේ අදහස අදහස නියමයි ........ අවම සුදුසුකම බී තුනක් වෙන්වාම් හොඳයි..............
මෙහි අවම සුදුසුකම එස් 3 වුනාට එම සුදුසුකම් ලබා ඇති දරුවන්ට තරගකාරිත්වයමත ඇතුළත්වීමට නොහැකි වනු ඇති බව මගේ අදහසයි. මොකද රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් නොලැබූ, දන්ත, පශු, කෘෂි ආදියට සුදුසුකම් ලබූ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් මෙයට ඇතුළත් වෙනු ඇත.