(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවු වාර්තා සැලකිල්ලට ගෙන මෙම වාර්තාව කැඳවු බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පොලිස් කොමිසම වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව පැවසු ආරියදාස කුරේ මහතා එසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගෙන් වාර්තාව කැඳවීමට තීරණය කළ බවද කියා සිටියේය.
සයිටම් ආයතනයට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිව ඇතුලු සිසු සංවිධාන එක්ව ඉකුත් (21) පැවැත් වු විරෝධතා පාගමන අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදී දී එහි දේපළ වලට හානි කරමින් සිටියදී පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව බැටන් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර තිබුණි.
මෙම ප්‍රහාරයෙන් සිසුන් 80 වැඩි පිරිසක් සහ පොලිසියේ 6 දෙනෙක් තුවාල ලැබුහ.
COMMENTS
තුවාල වුන පොලිස් නිලධාරින්ට මහ රෝහලේදි ප්‍රතිකාර කරන්න එපා කියපු සිද්ධිය ගැනත් හොයන්න.