IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සයිටම් වෙඩි තැබීමේ සිද්ධියට උසාවියට බාරවෙන්න ආ හිටපු නාගරික මන්ත‍්‍රී ඇතුළු දෙදෙනා බාර නොගනී

 

(ජයරත්න විල්ලර)

සයිටම් ආයතනයේ විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය නිර්මාණය කළේ තමන් බව කියමින් අධිකරණයට භාරවීමට පැමිණි හිටපු ප‍්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු දෙදෙනකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තමන්ට අධිකරණමය බලයක් නැති බව සඳහන් කරමින් තුල්හිරිය මහේස්ත‍්‍රාත් යූ. සුහුදුරුගොඩ මහතා ඔවුන් දෙදෙනා අධිකරණය භාරයට ගැනීම ප‍්‍රතික්ෂේප කළේය.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමට පැමිණි කඩුවෙල ප‍්‍රාදේශීය සභාවේ (එජනිස) හිටපු මන්තී‍්‍රවරයකු වන අරුණ ලක්මාල් තුෂාර (41) සහ කඩුවෙල ගෝනගම පදිංචි සුනිල් උදය කුමාර (42) නමැත්තන් අධිකරණය භාරයට ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් මෙලෙස ආපසු හරවා යවනු ලැබූහ.

මෙම පුද්ගලයන් දෙදෙනා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට පැමිණි අතර නීතිඥවරු මෙම දෙදෙනා මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.

නීතිඥවරු අධිකරණය අමතමින් තම සේවාදායකයන් අද මෙම උසාවියට පැමිණියේ අධිකරණය භාරවීමට බව දැනුම් දුන්හ.

සයිටම් ආයතනයේ විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඞී තැබීමේ සිද්ධිය සැලසුම් කළ බවට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ සූදානමක් ඇතැයිද ඒ හේතුව නිසා ඔවුන් වරකාපොළ දොරවක ප‍්‍රදේශයේ මිතුරෙකුගේ නිවෙසේ සැඟවී සිටියේ යැයිද දැනුම් දුන් නීතිඥවරු ඔවුන් දෙදෙනා රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියහ.

මෙම දෙදෙනා අධිකරණය භාරයට ගැනීමට තමන්ට අධිකරණමය බලයක් නොමැති බව පැහැදිලි කළ මහේස්ත‍්‍රාත්වරයා ඔවුන් දෙදෙනා රිමාන්ඞ් භාරයට පත් කිරීමට කළ ඉල්ලීම පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේය.

ඒ අනුව එම දෙදෙනා සිය නීතිඥවරුන් සමඟ අධිකරණයෙන් පිටව ගියහ.



අදහස් (1)

සයිටම් වෙඩි තැබීමේ සිද්ධියට උසාවියට බාරවෙන්න ආ හිටපු නාගරික මන්ත‍්‍රී ඇතුළු දෙදෙනා බාර නොගනී

sam Thursday, 09 March 2017 08:54 AM

මේ කියන නීතිඥයෝ දෙන්නාගේ නීතිය පිලිබඳ දැනුම නම් "ගොඩ පෙරකදෝරු" තත්වයේ වත් නැති බවයි පෙනෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site