IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජයේ ආරංචි කියයි.
 
දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම තාවකාලිකව නැවැත්වීමට නියමිත බව ද එම ආරංචි සඳහන් කරයි.
 
සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ තීරණයක් අනුව මෙම තීරණය ගෙන තිබේ.  එම කමිටු වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
 
අදාල පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ඡාවලින් පසු කමිටුව ලබා දුන් නිර්දේශය අනුව සිසුන් ගැනීම තාවකාලිකව නතර කරන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අද (15) සයිටම් ආයතනයට දැනුම් දුන්නේය. ලේකම්වරයා එය දැනුම් දී ඇත්තේ විශ්ව විද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේය.
 
022



අදහස් (15)

සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි

Rumi Friday, 15 September 2017 05:29 PM

කිපාරක් කිව්වද, බොරු කතා

:       127       163

sanath Friday, 15 September 2017 06:54 PM

රෝගීන්ට රස්තියාදු නොවී ප්‍රතිකාර ගැනීමට නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් වත් ශ්‍රී ලංකාවට ඉක්මණින්ම අවශ්‍යයි.

:       390       185

Nishanath Dombagoda Saturday, 16 September 2017 02:19 PM

රෝගීන්ට රස්තියාදු නොවී යන්න...

:       0       4

sadunu Friday, 15 September 2017 06:58 PM

මේක නම් මම හිතන්නේ ඉතාමත් හොඳ තීරණයක් ලෙසයි.

:       15       90

sathyayaa Friday, 15 September 2017 10:27 PM

බොරු කිව්වොත් ජනතාව (හිර) ගෙදර. බොරු කිව්වොත් පාලකයා රජ ගෙදර. බොරු නොකිව්වොත් ආණ්ඩුව ගෙදර....හ්ම්ම්

:       1       5

one srilankan Friday, 15 September 2017 11:33 PM

මම මෙය ලියන්නේ ගරු හර්ෂද ද සිල්වා මැතිතුමාට.. අද සයිටම් ජාතික පිළිලයක් වී හමාරය. සිසුන් 10000-12000 (රජයේ විශ්ව විද්‍යාල සයිටම් සිසුන් පිටරට ඉගෙන ගන්න සිසුන්) අතර අනාථ වී මහමගට වී ඇත. දෙමාපියෝ හූල්ලයි. දෙලොවක් අතරයි. සයිටම් යනු නීති විරෝධී ආයතනයකි.... උදාහරණයක් හොරට කසිප්පු හදා මේවත් අරක්කු කියා ලස්සනට බෝතල්වල දම විකුණන්ට බලයක් දී ඇති අයුරුය. නමුත් කසිප්පුවල එතනෝල් වලට අමතරව මෙතනොල් මිශ්‍ර වී තිබිය හැක. සයිටම් එයට සමනයි. මොනයම්ම හෝ ප්‍රතිලාභයක් දී බලයෙන් පවත්වා ගෙනයන්න දරන ප්‍රයත්නය ඉතා නින්දිතය. සයිටම් සඳහා ජනාධිපති කොමිසමක් දමන්න. ඇත්ත හෙළිවේවි!!! සයිටම් විදුහල ලඟම ඇති විශ්ව විද්‍යාලයකට අනුයුක්ත කර සයිටම් සුදු දරුවන්ටත්, අධ්‍යාපනය හමාර වනතුරු ඉඩ දෙන්න. නැවත ලංකාවේ මෙවැනි පුද්ගලික වෛද්‍ය විදුහල් එපා. ඉතින් සයිටම් වහන්න.

:       109       325

බද්රානි Saturday, 16 September 2017 08:39 AM

සයිටම් ආයතනය පමණක් නොවේ. මේ වනවිට 2017 වසර සඳහා මේ රටේ සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගෙන හමාරයි. ඔය කියන තහනම දැම්මත්, නොදැම්මත්, මේ දිනවල බඳවා ගැනීමක් කරන්නේ නැහැ. ඒක මේ රටේ ඉන්න, පෙරහරේ යන්න දක්ෂ, බුද්ධිමත්ම ජනතාව දන්නවද දන්නේ නැහැ...

:       0       221

සපූ Saturday, 16 September 2017 09:07 AM

ඒක තමයි බද්රානි මේක තවත් උප්පරවැට්ටියක් නේද? කොටසක් මේක දැකලා තර්ක කරාවි දැන් විසදුම් ලැබුනනේ කියලා.

:       0       12

naradha Saturday, 16 September 2017 10:47 AM

බද්රානිගේ කතාව හරි. මේ වෙනකොට ලංකාවේ සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට 2018 අධ්‍යයන වසරට සිසුන් බඳවා ගෙන හමාරයි. සමහරු හිතාගෙන ඉන්නේ මේ විශ්ව විද්‍යාල වලට වසර පුරාම සිසුන් බඳවා ගන්නවා කියලයි. මෙවැනි මෝඩ අදහස් ඇති අය, නැති කර ගැනීමට තමා ලංකාවේ තව තවත් උසස් අධ්‍යාපන ආයතන ඇතිවිය යුත්තේ.

:       94       6

චමින්ද Saturday, 16 September 2017 10:53 AM

මේ හැම ප්‍රශ්නයකටම මුල සිංහල මිනිහා කියන්නේ හරිම කුහකත්වයකිනුයි. අනිකාගේ දියුණුව විඳදරාගැනීම අපහසු ඊර්ෂ්‍යාකාර අනෙකාට තම ලොකුකම පෙන්වීමට වන හීනමානී ආසාවෙන් පෙලෙන මෝඩ ආත්මාර්ථකාමී ජනවර්ගයක් ලංකාවේ ඉන්නකම් මේ රටට ගොඩගන්න අමාරුයි.

:       94       476

Nishanath Dombagoda Saturday, 16 September 2017 02:22 PM

ඔයත් ඒ ජන වර්ගයේම තමයි. තමන්ගේ රටේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

:       0       1

one srilankanSaturday, 16 September 2017 04:25 PM

කුහකකමක් නැත. හොර වැඩ වලට උඩගෙඩි දීම වැරදිය. සයිටම් වැසිය යුතුය.

:       0       8

පුෂ්පකුමාර Saturday, 16 September 2017 01:02 PM

බද්රනි, නාරද සහ චමින්දගේ අදහස් මා ඉතාම අගය කරන අතර ඔය උද්ධච්ජ මෝඩ ජාතියේ අවසානය වැඩි ඈතක නැහැ. සුද්දන්ට කේලම් කියලා නැතිකාලේ සයිටම් එකේ නම නොවෙයි මේ රටේම නාමයයි. ශ්‍රී ලංකාවේ උම්මන්තක දොස්තරලා ලෝකයෙන්ම මිලේච්ජ කළුකඩ දොස්තරලා බව අපි ලෝකෙටම කියනවා. අපේ රටට අවේනික දේශීය වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහිකරලා බටහිර වෛද්‍යවරු මේ රටට පිටරටවලින් ගෙන්වීමට සුදුසු කාලය පැමිණ ඇති බව අපි දකිනවා...

:       1       1

අල්විස් Saturday, 16 September 2017 01:18 PM

නාරද කාලෙකින් අහපු සුපිරි කථාවක් කීවෙ.

:       0       0

Chamara Sunday, 17 September 2017 07:23 AM

ඒක නම් හොඳ වැඩක්.. නැත්තම් අලුතෙන් ගන්න ළමයිනුත් අමාරුවේ.. දෙමව්පියන්ට තෙරෙන්නේ නැද්ද ඇත්තටම මේකට දැම්මොත් ළමයගෙ ජීවිතේම වල පල්ලේ කියලා.. දැන් පළමු, දෙවන ශිෂ්‍ය කණ්ඩායම් පුදුම අමාරුවකනේ වැටිලා තියෙන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31104 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site