මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජයේ ආරංචි කියයි.
දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම තාවකාලිකව නැවැත්වීමට නියමිත බව ද එම ආරංචි සඳහන් කරයි.
සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ තීරණයක් අනුව මෙම තීරණය ගෙන තිබේ. එම කමිටු වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
අදාල පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ඡාවලින් පසු කමිටුව ලබා දුන් නිර්දේශය අනුව සිසුන් ගැනීම තාවකාලිකව නතර කරන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අද (15) සයිටම් ආයතනයට දැනුම් දුන්නේය. ලේකම්වරයා එය දැනුම් දී ඇත්තේ විශ්ව විද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේය.
022

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිපාරක් කිව්වද, බොරු කතා
රෝගීන්ට රස්තියාදු නොවී ප්‍රතිකාර ගැනීමට නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් වත් ශ්‍රී ලංකාවට ඉක්මණින්ම අවශ්‍යයි.
මේක නම් මම හිතන්නේ ඉතාමත් හොඳ තීරණයක් ලෙසයි.
බොරු කිව්වොත් ජනතාව (හිර) ගෙදර. බොරු කිව්වොත් පාලකයා රජ ගෙදර. බොරු නොකිව්වොත් ආණ්ඩුව ගෙදර....හ්ම්ම්
මම මෙය ලියන්නේ ගරු හර්ෂද ද සිල්වා මැතිතුමාට.. අද සයිටම් ජාතික පිළිලයක් වී හමාරය. සිසුන් 10000-12000 (රජයේ විශ්ව විද්‍යාල සයිටම් සිසුන් පිටරට ඉගෙන ගන්න සිසුන්) අතර අනාථ වී මහමගට වී ඇත. දෙමාපියෝ හූල්ලයි. දෙලොවක් අතරයි. සයිටම් යනු නීති විරෝධී ආයතනයකි.... උදාහරණයක් හොරට කසිප්පු හදා මේවත් අරක්කු කියා ලස්සනට බෝතල්වල දම විකුණන්ට බලයක් දී ඇති අයුරුය. නමුත් කසිප්පුවල එතනෝල් වලට අමතරව මෙතනොල් මිශ්‍ර වී තිබිය හැක. සයිටම් එයට සමනයි. මොනයම්ම හෝ ප්‍රතිලාභයක් දී බලයෙන් පවත්වා ගෙනයන්න දරන ප්‍රයත්නය ඉතා නින්දිතය. සයිටම් සඳහා ජනාධිපති කොමිසමක් දමන්න. ඇත්ත හෙළිවේවි!!! සයිටම් විදුහල ලඟම ඇති විශ්ව විද්‍යාලයකට අනුයුක්ත කර සයිටම් සුදු දරුවන්ටත්, අධ්‍යාපනය හමාර වනතුරු ඉඩ දෙන්න. නැවත ලංකාවේ මෙවැනි පුද්ගලික වෛද්‍ය විදුහල් එපා. ඉතින් සයිටම් වහන්න.
සයිටම් ආයතනය පමණක් නොවේ. මේ වනවිට 2017 වසර සඳහා මේ රටේ සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගෙන හමාරයි. ඔය කියන තහනම දැම්මත්, නොදැම්මත්, මේ දිනවල බඳවා ගැනීමක් කරන්නේ නැහැ. ඒක මේ රටේ ඉන්න, පෙරහරේ යන්න දක්ෂ, බුද්ධිමත්ම ජනතාව දන්නවද දන්නේ නැහැ...
ඒක තමයි බද්රානි මේක තවත් උප්පරවැට්ටියක් නේද? කොටසක් මේක දැකලා තර්ක කරාවි දැන් විසදුම් ලැබුනනේ කියලා.
බද්රානිගේ කතාව හරි. මේ වෙනකොට ලංකාවේ සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට 2018 අධ්‍යයන වසරට සිසුන් බඳවා ගෙන හමාරයි. සමහරු හිතාගෙන ඉන්නේ මේ විශ්ව විද්‍යාල වලට වසර පුරාම සිසුන් බඳවා ගන්නවා කියලයි. මෙවැනි මෝඩ අදහස් ඇති අය, නැති කර ගැනීමට තමා ලංකාවේ තව තවත් උසස් අධ්‍යාපන ආයතන ඇතිවිය යුත්තේ.
මේ හැම ප්‍රශ්නයකටම මුල සිංහල මිනිහා කියන්නේ හරිම කුහකත්වයකිනුයි. අනිකාගේ දියුණුව විඳදරාගැනීම අපහසු ඊර්ෂ්‍යාකාර අනෙකාට තම ලොකුකම පෙන්වීමට වන හීනමානී ආසාවෙන් පෙලෙන මෝඩ ආත්මාර්ථකාමී ජනවර්ගයක් ලංකාවේ ඉන්නකම් මේ රටට ගොඩගන්න අමාරුයි.
බද්රනි, නාරද සහ චමින්දගේ අදහස් මා ඉතාම අගය කරන අතර ඔය උද්ධච්ජ මෝඩ ජාතියේ අවසානය වැඩි ඈතක නැහැ. සුද්දන්ට කේලම් කියලා නැතිකාලේ සයිටම් එකේ නම නොවෙයි මේ රටේම නාමයයි. ශ්‍රී ලංකාවේ උම්මන්තක දොස්තරලා ලෝකයෙන්ම මිලේච්ජ කළුකඩ දොස්තරලා බව අපි ලෝකෙටම කියනවා. අපේ රටට අවේනික දේශීය වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහිකරලා බටහිර වෛද්‍යවරු මේ රටට පිටරටවලින් ගෙන්වීමට සුදුසු කාලය පැමිණ ඇති බව අපි දකිනවා...
නාරද කාලෙකින් අහපු සුපිරි කථාවක් කීවෙ.
ඒක නම් හොඳ වැඩක්.. නැත්තම් අලුතෙන් ගන්න ළමයිනුත් අමාරුවේ.. දෙමව්පියන්ට තෙරෙන්නේ නැද්ද ඇත්තටම මේකට දැම්මොත් ළමයගෙ ජීවිතේම වල පල්ලේ කියලා.. දැන් පළමු, දෙවන ශිෂ්‍ය කණ්ඩායම් පුදුම අමාරුවකනේ වැටිලා තියෙන්නේ..