IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන නතර කරයි

අජන්ත කුමාර අගලකඩ

සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන නතර කිරීමට ඇමැති එස් බී දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද (10) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහනට දැඩි විරෝධයක් සමෘද්ධි ලාභීන්ගෙන් එල්ල වී ඇති බව ඇමැතිවරුන් එම රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.  එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා දැනට එම වැඩසටහන නතර කරන ලෙස එස් බී දිසානායක ඇමැතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.



අදහස් (9)

සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන නතර කරයි

dingiri banda Friday, 11 August 2017 12:27 AM

මාර රටක්... මාර පාලකයින්... මේ මනුස්සයා කාලයකට ඉහතදී සමෘද්ධි ඇමැතිවෙලා ඉඳලා කරපු මගඩියකට. ඇමැතිකමෙනුත් අස්කරලා උසාවියට අපහාසකළා කියලා කූඩුවෙත් දැම්මා.. මේ පාර මහජන ඡන්දයෙන් පැරදිලා නමුත් "පින්" ඇමැතිකෙනෙක් ලෙසට ආයෙත් වතාවක් සමෘද්ධි ඇමැති විදිහටම පත්කලා... ඉතින් කොහොමද රටක් ඉදිරියට යන්නේ...?

:       6       63

ONE SRILANKAN Friday, 11 August 2017 07:09 AM

පින් මන්ත්‍රී, ඇමැති ඔබට අයිතියක් නැත. ඔය තනතුරේ ඉන්නේ ඔබව ජනතාව ප්‍රතික්ෂේප කළ අයෙක්...

:       8       43

etarahelaya Friday, 11 August 2017 07:13 AM

සමෘද්ධියෙන් හොරකම් කරලා මාලිගාවක් හැදුවා කියලා ලොකු රාවයක් ඉස්සර තිබුණා මතකද?

:       18       82

NaradhaFriday, 11 August 2017 01:50 PM

කෙනෙකුට නිවසක් සෑදීමට හොරකම් කල යුතුමද?

:       81       18

kamani Friday, 11 August 2017 03:13 PM

ඒ ගෙය දැක්කම කියන්න පුළුවනි, අැමැති කෙනෙකුට හොරකම් නොකර ඒ ගෙය හදන්න බැරි බව. ඒ හින්දා හොරා බව කවුරුත් දන්නවා.

:       9       127

nimalFriday, 11 August 2017 04:04 PM

එහෙම නම් ඉඩම් ගන්නත් හොරකම් කරන්න ඕන නෑනේ. රාජපක්ෂලා පරම්පරාගත ඉඩම් හිමියෝ... ඒ වගේම දේශපාලනය කල කට්ටිය. රටට සේවයක් කර ඇති අය. දැන් මඩ ගහපු කට්ටියම හොරු වෙලා නේද?

:       84       143

divigalpitiya Saturday, 12 August 2017 12:24 AM

නිමල්, රාජපක්ෂවරුන්ව පිරිසිදු කරන්න හදන්න එපා... ඒ අයගේ අතීතය දුෂණය, වංචාව, හොරකම, මිනීමැරීම් සහ ස්ත්‍රී දුෂණ වලින් පිරුණු එකක්. අනික ඒ අය දැන් රඟපාන්නේ වලව් පවුලක් ලෙසයි.. නමුත් රාජපක්ෂවරු යනු ගම්බාර පවුලකි. වලව් වල කුඹුරු සහ ඉඩම් අස්වැද්දීම සහ පල නෙලාගැනීම ආදිය බාරව හිටිය පවුලකි.

:       84       2

Fernando Saturday, 12 August 2017 05:41 AM

රටට ආදරේ ඇති පුතෙක්. තවත් හොරකමකට අවස්ථාවක් ලැබිලා...? රටක් දියුණු වෙයිද?

:       0       1

siri Saturday, 12 August 2017 10:06 AM

ජන වරමක් නැති මෙවන් අයට තනතුරු ලැබුණාම හරියට "මෙරුන්ට තටු ආවා වගේ" තමයි කටයුතු කරන්නේ.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site