IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාර යැවු සිසුවා යළි රිමාන්ඩ්


 
නිමන්ති රණසිංහ

හදිස්සි  නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී  ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.

මෙම චෝදනාවට  සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින්  ඇප ඉල්ලා තිබු අතර අදාළ සිද්ධියට  මෙම  අධිකරණයෙන් ඇ ප ලබා දිය නොහැකි බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සිසුවා ගෙ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.



අදහස් (11)

සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාර යැවු සිසුවා යළි රිමාන්ඩ්

බාලසුරීය රිචී Monday, 12 March 2018 09:31 AM

ලංකාවේ ඊයේ, පෙරේදා මම දැක්ක බීමතින් රිය පදවපු දේශපාලයකුගේ පුතෙකු රිය අනතුරු සහ පිස්තෝලයක් සමඟ අල්ලා, එක වරම අැප මත නිදහස් කළා. මේ වගේ සිද්ධීන් අපමණ සිදුවනවා. දේශපාලකයින්ගේ යාළුවන් කුඩු සමග අහුවෙලත් නඩුත් නැතුව නිදහස්, මේ සිසුවා හට එවැනි සම්බන්ධකමක් නැතිකම ඇප නොලැබීමට හේතුව විය හැකිය. එකම රටේ නීති දෙකක්..

:       5       353

Bimal Monday, 12 March 2018 10:19 AM

මේ තරුණයා විතරක් නෙවෙයි අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලාංකික සමාජයට මහා හිසරදයක් වුණු චණ්ඩි පුතාලාවත් මට්ටු කරන්න. නීතිය හැමෝටම එක සමාන නැති කොට ජාති භේද නැති කරන්නේ කොහොමද?

:       2       25

ටි.ඉන්දික Monday, 12 March 2018 10:22 AM

අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්ව විද්‍යාල අධ්‍යාපනය විනාශ කරන්නට යොදා ගනු ලබන්නේ පළමු වසරේ සිසුන්.. කිසිවක් නොදන්න නිසා විශ්ව විද්‍යාලයට ආව ගමන් ඔවුන් මේවට පෙළඹවාගන්න හැකියා තිබේනවා.. රට අස්ථාවර කරන්න මාන බලන කාලකණ්නි දරුවන් මෙවැනි දේ සඳහා යොදා ගැනීම සිදුව ඇති බව පේනවා.. නොතේරෙන දරුවන් මේ සඳහා ඉක්මනින් පොළඹවා ගත හැකි නිසා දෙමව්පියන්ද මීට වගකිව යුතුයි.. දරුවන් ගැන අවධානය මේ වනවිට සියලු දෙමව්පියන් පවා අමතක කර තිබෙනවා. මේ දරුවාද අසරණයි.. උගත් යමක්, කමක් තේරෙන කිසිවකු ව්‍යජ දේ ප්‍රකාශ නොකරන නමුත් කුඩා දරුවන්ට මේවා මානසිකව කාවද්දා ඔවුන් මාර්ගයෙන් කරන බව පෙනී යයි.. පාසල් පද්ධතිය දෙමව්පියන්, දරුවන් දැන්වත් හරි විදියට දනුවත් කළ යුතුයි.. බොරු ව්‍යාජ අයට හසු නොවන්න.. සියලු දරුවන්ට, දෙමව්පියන්ට මෙය හොඳ පාඩමකි...

:       30       90

Ajith NissankaWednesday, 14 March 2018 05:18 PM

සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාර යැවු සිසුවා සහ අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය අතර තියන සම්බන්දය මොකක්ද! යන්නේ කොහෙද මල්ලේ පොල්!

:       0       0

sachith Monday, 12 March 2018 10:35 AM

මෙන්න මේක තමා බහුතරයක් ෆේස්බුක් එකේ තියෙන පිටු වල යථාර්තය. ඡන්දෙ දෙන්නවත් වයස නැති අය රටේ දේශපාලනය කොහොම වෙන්න ඕනෑද කියලා අර්ථකතන දෙනවා. අපේ රටේ ඉන්න බහුතරයක් ඒවා කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව ඔහේ ෂෙයාර් කරනවා. රැල්ලට යනවා මිසක් යථාර්තයක් දකින්නේ නෑ. ඇමරිකාව සමරිසි විවාහ පිළිගත්තා. එ්කට ෆේස්බුක් එකෙන් දේදුන්නක් ප්‍රොෆයිල් ෆොටෝ එකට දාන්න දුන්නම ලංකාවේ අයත් ඉක්මණට එකට මාරු වුණා. එ්ත් හේතුවක් දන්නේ නෑ.

:       65       107

Jehaan Monday, 12 March 2018 10:58 AM

එහෙන් මෙහෙන් සමාජ විරෝධී වැඩ කරන සාමාන්‍ය මිනිස්සු අල්ලලා විතරක් හරියන්නේ නැහැ. හැදෙන පරපුර ආදර්ශයට ගන්නේ දේශපාලකයින්ගේ පුතාලාව. සමාජ විරෝධී වැඩකරලා සුදුසු දඬුවම් ලැබෙනවා වෙනුවට බේරිලා යන්න ඕනෑ තරම් මාර්ග තිබෙද්දීම සාමාන්‍ය ජනතාවට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා කියලා මම සියලුම දේශපාලනයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉස්සෙල්ලාම ඔබතුමන්ලාගේ ගෙවල් ඇතුලේ සුද්ධ කරලා සමාජ කුණු සුද්ධ කරන්න යන්න.

:       0       20

Jehaan Monday, 12 March 2018 11:04 AM

දේශපාලකයින් සාමාන්‍ය ජනතාව වරදක් කළොත් උඩු බුරනවා. එ්ත් තමන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සු ටික මට්ටු කරගන්න බැහැ. සමාජ විරෝධී වැඩ කරන දේශපාලක පුතාලා මට්ටු කරලා.. ඊට පසුව රටේ මිනිස්සු පස්සෙන් එලවන්න. කොයි ආණ්ඩුවත් කරන්නේ බේබිලා ටික පරිස්සම් කරකර රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇඟිලි දික් කරන එක. ඊයේ පෙරේදා ඇප පිට නිදහස් වුණු සමහරු පාසල් වියේ සිට විනය විරෝධී වැඩ කර අසු වුණු උදවිය. එ්ත් ඉතින් දේශපාලන අනුහසින් නිදහස්. !!!

:       0       67

Sarasi Monday, 12 March 2018 11:09 AM

මේ තරුණයා විතරක්ද ඊයේ පෙරේදා සමාජ විරෝධී වැඩ කරලා තියෙන්නේ? අර නිතරම පාහේ විනය විරෝධී මැර වැඩ වලට සුප්‍රසිද්ධ දේශපාලක පුත්‍ර රත්නය කොහොමද ලේසියෙන් නිදහස් වුණේ?

:       0       24

Malik Monday, 12 March 2018 11:13 AM

අපි බොහොම පිළිකුල් කරනවා. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරවීමේ දෙබිඩි ප්‍රතිපත්තිය. මේ තරුණයා වරදක් කර ඇති නම් දඬුවම් දීම අනුමත කරන අපි, දේශපාලකයින්ගේ පුතාලට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය ක්‍රියාත්මකවීම හෙලා දකිනවා.

:       1       37

Ruwani Monday, 12 March 2018 11:22 AM

මේ ළමයාට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කරුණාකර මහා මොළ කාරයින්වත් අල්ලා ගන්න. එතන දේශපාලකයෙක් හිටියොත් නඩුව යට ගහන්න නම් එපා. ඊයේ, පෙරේදා සමාජ විරෝධී වැඩක් කරලා බොහොම ලේසියෙන් ගැලවුණු දේශපාලක පුත්‍රයින් වගේ උදවිය මීටත් වඩා මහජනයාට හිසරදයක් බව ආණ්ඩුවට තවම තේරිලා නැහැ.

:       0       36

ravi Monday, 12 March 2018 01:48 PM

මේක මාර වැඩක් නේ ! අවුරු ගාණක් ජාතික ධනය හොරාකාපු කට්ටිය ජොලියේ ඉන්නවා. ඊළගට මහබැංකුව හොරාකාපු අයත් යහතින් ඉන්නවා. මේ පොඩි එකා බන්ධනාගාරේ ! මේකත් රටක්ද?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26939 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18170 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10874 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 183 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site