නව ගුවන් හමුදාපති ලෙස මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ.
ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා අද (29) විශ්‍රාම යාමට නියමිතව ඇත.
එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද සිය තනතුරෙහි දිවුරුම් දුන්නේය.
සුමංගල මහතා 1984 දෙසැම්බර් 13 වැනි දින බදවා ගැනීම 13 යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට බැදී ඇත.
මුලික පුහුණුව සහ උසස් ගුවන් යානා පුහුණුව නිමාකර 1986 අගෝස්තු 15 වැනි දින ගුවන් නියමු නිලධාරියකු වශයෙන් අධිකාරියට පත්විය.
නව ගුවන් හමුදාපතිවරයා හෙට (30) පෙරවරු 8.00 ගුවන් හමුදා මුලස්ථානයේ දී සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතයි.
දෙස් විදෙස් පුහුණු රැසක් නිමාකර මහතා ගුවන් හමුදා සිටින දක්ෂ ගුවන් නියමුවකු වන මානුෂිය මෙහෙයුම් සමයේ දී යුද හමුදාවේ 57, 58, 59 යන සේනාංක සමග ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ස්විශේෂි මෙහෙවරක් ඉටුකළේය.
එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා 2016 ඔක්තෝබර් 01 වැනි දින ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වශයෙන් ද පත්කර තිබුණි.
වසර 34 ක ගුවන් හමුදා සේවා කාලය තුළ දැක් වු දස්කම් හේතුවෙන් වඩමාරච්චි මෙහෙයුම් පදක්කම්, පුර්ණ භූමි සේවා පදක්කම, දේශපුත‍්‍ර සම්මානය, රණශූර පදක්කම (තෙවරක්ම), උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, විශ්ෂ්ඨ සේවා විභූෂණය ඇතුලූ පදක්කම් රැසකින් ඒ මහතා පිදුම් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයාය.
දෙදරු පියෙක් වු ඒ මහතා කොළඹ නාලන්ද විදුහලේ ආදි සිසුවෙක් වේ.
( ඉන්දිකා රාමනායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුල අවස්ථාවල ලංකාවේ තනතුරු දෙන්නේ විශ්‍රාම ගන්න ඔන්න මෙන්න තියෙද්දී.... ඉතින් ජාමේ බේරාගෙන රස්සාව කරලා විවේක ගන්නවා, පරිනත තරුණ නිලධාරීන් කාලෙම දුන්න නම් තමා හරි හමන් වැඩක් කරගන්න පුළුවන්.