IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සුමංගල ඩයස් ගුවන් හමුදාපති තනතුරට

නව ගුවන් හමුදාපති ලෙස මාණ්ඩලික ප්‍රධානී  එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ.

ගුවන් හමුදාපති  එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා අද (29)  විශ්‍රාම යාමට නියමිතව ඇත.

එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද  සිය තනතුරෙහි  දිවුරුම් දුන්නේය.

 සුමංගල මහතා 1984 දෙසැම්බර් 13 වැනි දින  බදවා ගැනීම 13 යටතේ  කෙඩෙට් නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට බැදී ඇත.

මුලික පුහුණුව සහ  උසස් ගුවන් යානා පුහුණුව නිමාකර 1986 අගෝස්තු 15 වැනි දින  ගුවන් නියමු නිලධාරියකු වශයෙන්  අධිකාරියට පත්විය.

නව ගුවන් හමුදාපතිවරයා හෙට (30)  පෙරවරු 8.00 ගුවන් හමුදා මුලස්ථානයේ දී සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතයි.

දෙස් විදෙස් පුහුණු රැසක් නිමාකර  මහතා ගුවන් හමුදා සිටින දක්ෂ ගුවන් නියමුවකු වන මානුෂිය මෙහෙයුම් සමයේ දී යුද හමුදාවේ  57, 58, 59 යන සේනාංක සමග ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ස්විශේෂි මෙහෙවරක්  ඉටුකළේය.

එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා 2016 ඔක්තෝබර් 01 වැනි දින ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වශයෙන් ද පත්කර තිබුණි.

වසර 34 ක ගුවන් හමුදා සේවා කාලය තුළ දැක් වු දස්කම් හේතුවෙන් වඩමාරච්චි මෙහෙයුම් පදක්කම්,  පුර්ණ භූමි සේවා පදක්කම, දේශපුත‍්‍ර සම්මානය, රණශූර පදක්කම (තෙවරක්ම), උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම,  විශ්ෂ්ඨ  සේවා  විභූෂණය ඇතුලූ පදක්කම් රැසකින් ඒ මහතා පිදුම් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයාය.

දෙදරු පියෙක් වු  ඒ මහතා  කොළඹ නාලන්ද විදුහලේ ආදි සිසුවෙක් වේ.

 

 

( ඉන්දිකා රාමනායක) 

 



අදහස් (1)

සුමංගල ඩයස් ගුවන් හමුදාපති තනතුරට

අශේන් Wednesday, 29 May 2019 05:12 AM

බහුල අවස්ථාවල ලංකාවේ තනතුරු දෙන්නේ විශ්‍රාම ගන්න ඔන්න මෙන්න තියෙද්දී.... ඉතින් ජාමේ බේරාගෙන රස්සාව කරලා විවේක ගන්නවා, පරිනත තරුණ නිලධාරීන් කාලෙම දුන්න නම් තමා හරි හමන් වැඩක් කරගන්න පුළුවන්.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 76 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 937 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site