(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී අද (9) රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සාකච්ඡාවට සහභාගි විය.
මෙහිදී මන්ත්‍රීවරුන් අමතා ඇති හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එසේ ගන්නේනම් සියලු දෙනා දැනුම්වත් කරන බවත් පවසා ඇත.
‘‘අපිට ඉන්නේ එක නායකයයි නායකයෝ දෙන්නෙක් නැහැ.නමුත් ඔබතුමා ගන්න තීරණය උඩ අපි හිටගන්නවා‘‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
අයවැයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
මුල ඉඳලම අපි දැනගෙන හිටිය එකාබධ්දය වේවා පොදු ජන පෙරමුණ වේවා මේ සේරම වෙන කිසිදෙයක් නොවේ " වන් මෑන් ෂෝ " එකක් පමනක් විත්තිය. ඔතන ඉන්න කිසිම කෙනෙකුට "මහින්දගේ දිස්නය " නැතුව ගොඩ යන්න වෙනත් ක්‍රම වේදයක් නැහැ. මේ සියලුම දෙනා මහින්ද හිට ගනින් කිවොත් හිට ගන්න ඉඳ ගනින් කිවොත් ඉඳ ගන්න කීකරු ගෝලයෝ. ඉතින් ඒ ගොල්ලෝ කිසි දවසක මහින්ද කියන වචනයට පිටින් කිසිම දෙයක් කියන්නෙත් නැහැ කිසිම දෙයක් කරන්න්නෙත් නැහැ. එකයි තිත්ත ඇත්ත.
අයෙත් ඔන්න බයිලා ගහන්න හදනවා කට්ටිය එකතුවෙලා. මොන සභාගද ඕයි. නිදහස ගත්තු දවසේ ඉඳන් අර භාග , මේ භාග ගහ ගහ අපිව වල පළලටම අදාල දැම්ම. එදා කොළඹ ක්‍රමය ක්‍රියාත්මක කලානම් අද සිංගප්පුරුවක් නැහැ. ඒ ප්‍රමාදය දැන්වත් හරිගස්සගන්න බලනවල. මහින්ද යුද්ධ කරන්න දක්ෂ උන පළියට ලෝකේ මුදල් සහ වෙළඳම පාලනය කරන රටවල් එක්කල එකතුවෙලා වැඩකරන්න හැකියාවක් නැහැ. රනිල් ඒ වැඩේ දැනගෙන උන්නට කොන්ද කෙලින් තියාගෙන යුද්ධ කරන්න දන්නේ නැහැ. එහෙම නැතිනම් යුද්ධයේ කුණු නාමේ වෙන කෙනෙකුගේ කරපිටින් යවන්න දුර දක්නා නුවනින් බලාගෙන උන්න. අන්තිමේ දැන් කොහොම හරි යුද්ධේ ඉවරයි නේ. දැන් තියෙන්නේ රට ඉදිරියට ගෙනියන එක යකාගේ කරේ හරි එල්ලිලා. ඒ වැඩේ කට්ටියම එකතුවෙලා ඉවර කරලා, සභාග බැරිනම් ඔනම් බම්බුවක් ගහගන්නවල. අම්මප මුන්ට මොලේ කලන්දක්වත් නැතිද? හැබැයි කොන්ද පණ නැති කෙනෙකුට විධායක බලතල දෙන එකනම් නුවනට හුරු නැහැ. ඒ බල තල තිබුනත් නෑවගේ ඉන්න නිසා ඔය ඉන්න කෙනාටම එක තියෙන්න ඇරලා උන්නත් රටට හානියක් නැහැ. මොකද එතකොට විදායක බලයක් කාටවත්ම නෑ වගේ නිසා. මේ තරම් කල් අපි එහාට මෙහාට මාරු උනා මදිද?
අලුත් ආණ්ඩු හදලා අයවැය හදන හැටි ඒවා කරන්න කලින් පිරිසිදු වෙලා එන්න.......... පසුගිය ආණ්ඩුවේ කරපු දුෂණ වැඩ සාමාන්‍ය මිනිසා කෙරුවනම් අද එයා හිරගෙදර. මේ ගොල්ලෝ දඩුවම් කිසිවක් නැහැ අලුත් ආණ්ඩු එකම රටක් එක් රජයක් නිතිය දෙවිදියක් කොයි තරම් අසාධාරණද???ජනතාව දැන්වත් නැගිටින්න
ඒ හදනවා නම්නේ..............
ඉතා හොඳයි එක තීරණයක ඉන්න එක. වටු රැලේ කතාව මතක තියාගන්න. අපේ ආණ්ඩුව අද දලට යටවුනු වටු රෑන වගේ. කවුරු හරි කොටසක් සමගිව වැඩ කරලා රට බේරාගන්න.
ඔක්කොම කුණු බෙංගාල බොක්කට කිව්වලු.
මොන ආණ්ඩුව හැදුවත්. මහජන චන්දය ඕන . එහෙම බලෙන් ආණ්ඩු හදන්න බෑ.
කොක්කෙන් බැරිනම් කෙක්කෙන්....