තරිඳු ජයවර්ධන
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පොලිසියෙන් සහ මන්ත්‍රීවරයාගෙන් යන දෙදෙනාගේම වැරදි සිදුවී තිබේ.
පරීක්ෂණ අවසන් වනතුරු සපුගස්කන්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙස සාගල මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ඔහුව මාරුකිරීමට නියමිතය.
COMMENTS
ඔය වැඩේ සිදු වුනේ මහින්දට සම්බන්ධ කෙනෙකුට නම් පොලිස් නිලධාරියාට උසස් වීමක්... සම්බන්ධ කෙනාට ඇප නැහැ. ජේ වී පී එකට සලකන්නේ නැතිව බැහැනේ. ආණ්ඩුව හදන්න උදවු වෙච්ච කට්ටියනේ.
හොඳ තීරණයක් අරන් තියෙන්නේ....
මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසියට, ඕනෙම පුරවැසියෙකුට බියෙන් තොරව ගොස් කතා කිරීමේ අයිතියක් ඇත. මේ දෙය පොලිසිය මෙන්ම මහජනයාත් තේරුම් ගත යුතුයි.
මහා රෑට පොලිසියට ගිහින් පලා බබා හොරකමේ ගිය විත්තිකාරයෙක් අරන් යන්න දුන්නේ නැහැ කියලා පොලිසියේ හිටිය කෙනාට ස්ථාන මාරුවක්. හරියට මහ බැංකු මංකොල්ලේ කරපු අය රටේ ඉන්දැද්දී රටින් පැනලා ගිය එකට නඩු දානවා වගේ වැඩක්. අනිත් එක ආණ්ඩුව පිහිටුවන්න උදව් කරපු රතු අලි පැටව් ටික සනසන්නත් අවශ්‍යයිනේ....