රංජන් කස්තුරි
ලෝක වෙළෙඳපොළේ සීනි මිල බෙහෙවින් අඩුවී ඇති හෙයින් සීනි මිල ඉහළ නැංවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ සීනිමිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමටත් දේශීය සීනි කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමටත් ආනයනික සීනි මත නව බද්දක් පැනවූ බවද එම බදු පැනවීම නිසා ආනයනකරුවන්ට අවාසියක් සිදු නොවන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
අනායනික සීනි කිලෝවක පිරිවැය මේ වන විට රුපියල් 75 සිට රුපියල් 55 දක්වා අඩුවී තිබෙන හෙයින් නව බදු පැනවීමෙන් පසුව වුවද ආනයනකරුවන්ට තවදුරටත් වාසියක් සිදුවන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි රු 20කින් ගණන් ගිහින්, මේ පුවත තව දුරටත් වලංගු නැත.
ඔබට අවශ්‍ය සිනි අමාත්‍යංශයන් ඉතා අඩු මිලට ලබා ගත හැක