IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක්

වසන්ත චන්ද්‍රපාල
 
පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට සීනි ගෙන්වීම නිසා ලංකාවේ සිනි නිෂ්පාදනයට විශාල පහරක් වැදී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නන්දන ජයසිංහ මහතා පැවසීය.


මේ වෙන විට හිගුරාණ, සෙවණගල , පැලවත්ත යන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට ඉල්ලුම් කිරිම නිසා මෙම කර්මාන්ත තුනම පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුවි ඇති බවද පැවසීය.


ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් සීනි ගෙන්විමේදී කිලෝවක් රුපියල් 80 ක් වන නිසා ලංකාවේ සිනි කර්මාන්ත වලින් එම මුදලට සිනි ඉල්ලුම් කිරිම නිසා මෙම තත්වය උදාවී තිබේ. 


දැනට ලංකාවේ සිනි කිලොවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 126 ක් වියදමක් යන අතර අසුවට එය අලෙවි කිරිමට නොහැකි වන බවද නන්දන ජයසිංහ මහතා පැවසීය.


දැනට මෙම මුදලට අලෙවි නොකරන අතර මේ හේතුව නිසා උක් ගොවියන්ට මුදල් ගෙවිමේ ප්‍රමාදයක් සිදුවෙන බවද සඳහන් කළේය.


දැනට හිගුරාණ, සෙවණගල,පැල්වත්ත යන කර්මාන්ත ශාලා තුනෙන්ම වසරක්ට සිනි ටොන් 56.000 ක් නිෂ්පාදනය කරන අතර ලංකාවේ වසරක සිනි අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හතක් වන බවද කීය. දැනට වසරකට මෙට්ට්‍රික් ටොන් හය ලක්ෂ හතළිස් හතර දාහක් විදේශ රටවලින් ගෙන්විමට සිදුව ඇති බවද සදහන් කළේය.


පොද්ගලික වෙළදුන් සිනි අඩු මිලට ගෙන්වුවත් පාරිභෝගික ජනතාවට  වෙළඳපොළෙන් සිනි ගැනීමට සිදු ඇත්තේ සුදු සීනී  106 සහ දුඹුරු සිනි රුපියල් 112 ට මිලට බවද කීය.


සීනි කර්මාන්ත දියණු කිරිම සදහා රජය විසින් ගොවියාට පහසුකම් දිය යුතු අතර පොහොර සහනාධාරය,සහ අඩු පොලියට ණය ලබාදීම එහි ප්‍රධාන කාර්යන් දෙක බවද පැවසිය. 
 



අදහස් (3)

සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක්

himal Wednesday, 08 August 2018 09:56 AM

ලංකාවේ සීනි කර්මාන්තය ලාභ ලබන්නේ අරක්කු නිෂ්පාදනයෙන්, ඒ වගේම ලංකාවේ සමස්ත දේශීය ඉල්ලුමට ප්‍රමාණවත් සීනි තොගයක් රට ඇතුළේ නිපදවන්නේ නෑ.

:       0       15

Sam Wednesday, 08 August 2018 01:36 PM

ඉන්දියාව බ්‍රසීලය වගේ රටවල් සීනි නිෂ්පාදනය කරලා නැවු ගුදම් ආනයන රෙගු සහ ප්‍රවාහන ගාස්තු එකතුව 80 ට දෙන්න පුළුවන්. නමුත් අපේ නිෂ්පාදන වියදම වැඩියි. කව්රුත් අපේ කාර්යක්ෂමතාවය වැඩිකරන්න බලන්නේ නැ.

:       0       0

Nuwan Wednesday, 31 January 2024 06:40 AM

නමක් ගමක් දාලා කියන්න බෑ... නැත්කම් කියවා පාලකයෝ මේ ආයතන විනාශ කරන හැටි ඔවුන්ගේ නටු කාපු අය රට විනාශ කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6042 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 257 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 306 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1231 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site