IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සින්නයියාට සේවා දිගුවක් නොදුන් හේතුව දයාසිරි කියයි

(ඩයනා උදයංගනී)

නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ ට‍්‍රැවිස් සින්නයියා මහතාගේ ධූර කාලය මාස දෙකකට සීමා කරන්නට සිදුවූයේ ඊට පහළින් සිටින තවත් යුද විරුවන්ට නාවික හමුදාපතිවරයෙක් ලෙස විශ‍්‍රාම යෑමට අවස්ථාව දිය යුතු වූ නිසා යැයි සම කැබිනට් ප‍්‍රකාශක ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නාවික හමුදාපතිධූරය දැරිය යුතු හා යුද්ධයේදී විශාල මෙහෙවරක් ඉටු කළ තවත් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු නාවික හමුදාවේ සිටින බව කී අමාත්‍යවරයා සින්නයියා මහතාට වසරක සේවා දිගුවක් දුන්නේ නම් ඔවුන්ට එම අවස්ථාව අහිමි වන බව ද කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(1) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

රුසියානු යුද නැවක් ගෙන ඒම සම්බන්ධයෙන් විරුද්ධවීම නිසා සින්නයියා මහතාට සේවා දිගුවක් නොදුන් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න කළ අතර එයට පිළිතුරු ලබාදුන් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ එවැනි ප‍්‍රකාශයක් හිටපු නාවික හමුදාපතිවරයා කර නොමැති බවයි.



අදහස් (10)

සින්නයියාට සේවා දිගුවක් නොදුන් හේතුව දයාසිරි කියයි

nimal madawala Wednesday, 01 November 2017 02:15 PM

ඇමතිතුමා, ඕකනම් හේතුව ඒකටත් හේතුව හිටපු නායකයන් නේද ,තමන්ගේ බැල මෙහෙවර කරපු අයට සේවා දිගු දුන් නිසා තමා මේ තද බදය. එමනිසා නියම කලට විශ්‍රාම ගන්නුවනම් මේ ගැටළු මතුවන්නේ නැහැ , හැබැයි මින් ඉදිරියටත් මෙය මේ විදිහට වෙන්ඩ ඕන

:       1869       2043

uddikaThursday, 02 November 2017 04:03 AM

බැලමෙහෙවර? ඔයාලගේ ගෙදරද? සේවා දිගු ලබා දෙන්නේ අත්‍යවශ්‍ය නිසා යුද්ධේ කාලයේ

:       201       58

sunil Wednesday, 01 November 2017 02:52 PM

කියන්නා කෙසේ කීවත් අහන අපි සිහි බුද්ධිය ඇතුව අහමු!

:       3       342

erdi Wednesday, 01 November 2017 04:55 PM

කොහොමත් ලංකාව ඇත්ත කතා කරන මිනිහට තැනක් නැති රටක්.

:       14       352

mahee Wednesday, 01 November 2017 07:06 PM

අනේ ඔය ප්‍රතිපත්තිය ඔතන ඉන්න 225 දෙනාටත් යොදා ගන්න පුළුවන් නම් අපි කොයි තරම් වාසනාවන්තද?

:       0       244

ඔසන් සලාම් Wednesday, 01 November 2017 07:24 PM

තත්වය එසේ නම් ලබන මස හෝ මාස දෙකකින් පත්වන නව නාවික හමුදාපති කවුද?

:       0       8

sensa Thursday, 02 November 2017 02:49 AM

දේශපාලකයින්ටත් විශ්‍රාම වැඩපිළිවෙලක් තිබිය යුතුයි.

:       0       66

Kasun Thursday, 02 November 2017 07:36 AM

එතකොට අර ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා දෙපාරක් සේවා දිගු දීල යුද්ධෙදි කුණ කාපු ජෙනරාල් ජගත් සිර ගෙදර යැව්වේ ආමි කමාන්ඩර් කරලද?

:       1       2

de silva Thursday, 02 November 2017 09:41 AM

අවරුදු 60 පිරෙන දේශපාලකයන් විශ්‍රාම යැවිය යුතු අතර, තානාපති ක්ෂේත්‍රයේ රැකියා එම ක්ෂේත්‍රයේ අවුරුදු 10 කවත් පළපුරුද්ද නොමැති නම් අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට නොදිය යුතුය ,

:       0       2

de silva Thursday, 02 November 2017 09:45 AM

ඔය හැමෝම නාවික , ගුවන් , යුධ හමුදාපතිලා කරලා මාසෙන් දෙකෙන් විශ්‍රාම යැවුවහම ඔවුන්ට හමුදාවල දියුණුවට යමක් කල නොහැකි අතර , ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් වැඩි වීම් සහ වෙනත් දීමනා , ආරක්ෂාව වැනි දේවල් නිසා , රටේ බදු ගෙවන ජනතාව මත විශාල බරක් පැටවේ , කරුණාකර පත්කරන මනුස්සයට අවම වශයෙන් අවුරුද්දක් පමණ මේ රැකියාව කරන්න දෙන්න

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site