(නිමන්ති රණසිංහ)
සතොස හිටපු සභාපතිවරයකු වූ නලින් රුවන්ජීව ප‍්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (12) නියෝග කළාය.
තෝරාගත් පාසල්, කී‍්‍රඩා සංගම් සඳහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් 14,000 ක් බැගින් ආනයනය කර, රුපියල් මිලියන 39ක මුදලක් අවභාවිත කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.
ලංකා සතොස ආයතනය පොදු දේපල යටතට නොගැනෙන එකක් බැවින් එම චෝදනාවට ඇප ලබාදිය හැකි බව සිය නියෝගයෙන් සඳහන් කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දෙමින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd