IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සතියට ඩෙංගු රෝගීන් 8000ක්

(විනීතා එම් ගමගේ)

මේ වන විට ඩෙංගු රෝගීන් 8000 කට ආසන්න පිරිසක් සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිමල්කා පන්නිල තන්ත‍්‍රි මහත්මිය පවසයි.

මේ වසර තුළ රෝගීන් 105,000 ක් වාර්තා වී ඇති අතර 300 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි කී පන්නිලතන්ත‍්‍රි මහත්මිය එයින් 44%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් කියයි. බස්නාහිර පළාතේ මියගිය රෝගීන් ගණන 65ක් වේ.

වාර්තා වී ඇති රෝගීන් අතරින් 35% ක් අවුරුදු 05-20ත් අතර වයස් සීමාවන්හි සිටින අය බවත් මිය ගිය රෝගීන් අතරින් 65%ක් ම වයස අවුරුදු 45 ට ආසන්න වයසේ පසුවූවන් බව ද හෙළි කරයි.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 41 ක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද අධ්‍යක්ෂවරිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන බවත් මේ වනවිට කැබිනට් මණ්ඩලයේ සිට ගම්මාන මට්ටම දක්වා එය ක‍්‍රීයාත්මක කරමින් සිටින බවත් ඒ මහත්මිය කියයි. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා යාමේ දී එවැනි ස්ථානවලින් 40%ක්ම ආයතන පරිශ‍්‍ර බවත් ඒ පිළිබද ආයතන බලධාරින් ගේ අවධානය යොමු කළ  යුතු බවත් අධ්‍යක්ෂවරිය තව දුරටත් ප්‍රකාශ කරයි.

පන්නිලතන්ත‍්‍රි මහත්මිය මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති ඩෙංගු රෝගය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් අමතමිනි. සෞඛ්‍ය අමාත්‍යංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය එක්ව මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කර  තිබුණේ මාධ්‍යවේදීන් වෙනුවෙනි.

 



අදහස් (0)

සතියට ඩෙංගු රෝගීන් 8000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 534 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 482 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site