(රේඛා තරංගනී ෆොන්සේකා)
සත්වෝද්‍යානයේ රූස්ස ගස් තුනක් මුලින්ම ගැලවී ඇති බවත් එක් රූස්ස ගසක් මකුළු රිළවාගේ කූඩුව තුළට කඩා වැටී ඇති බවත් මකුළු රිළවාට කිසිදු ආපදාවක් නැති බවත් දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් සහ අතු කඩා වැටීම් රැසක් වාර්තා වී ඇති බවත් කිසිදු සතෙකුට තුවාල සිදුවී නොමැති බවත් ඇය පැවසුවාය.
ජීරාෆ්ගේ කූඩුවේ වහලය මුළුමනින්ම ගැලවී ගොස් ඇති බව සඳහන් කරන ඇය කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීමට සේවකයින් යොදවා ඇති බව ද කීවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සත්තු වත්තේ ගස් තුනක් කඩා වැටෙයි
Lapaya Thursday, 30 November 2017 08:21 AM
පව් සත්තු ටික දියවන්නාවට ගෙනත් දාන්න තියෙන්නේ.......නියම පහසුකම් ලැබෙයි....
saම්පත් Thursday, 30 November 2017 08:49 AM
මකුළු රිලවා පැනලා ගියා වත්ද?
Don Thursday, 30 November 2017 09:10 AM
අපි මහලොකුවට කයිවාරු ගැහුවට තාම සුළි සුළඟක් වත් කල්තියා අඳුනගන්න බැරි තරම් දුර්වල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් සහිත රටක් .. මේ වලට වගකියන්න ඕන මේ දෙපාර්තමේන්තුව බාරව හිටපු සහ ඉන්න ඇමතිවරු තමයි ...
කුසුමා ඩුබායි Thursday, 30 November 2017 11:46 AM
හරිම කණගාටුදායක පුවතක්. මකුළු රිලවාට ඉක්මන් සුව පතමි .