(***අංජුල මහික වීරරත්න)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමැති සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
වසර 16කට අධික කාලයක් දේශපාලනයේ නිරත වූ සුජීව සේනසිංහ මහතා පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මුලින්ම තේරී පත් විය. අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.
පසුගිය පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කළ සුජීව සේනසිංහ මහතා යහපාලන රජයේ නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය ලෙස හා රාජ්‍ය වෙළෙඳ අමාත්‍ය සහ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය ලෙස කටයුතු කළේය.
සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ සේනසිංහ මහතා එයින් පරාජයට පත්විය.
දේශපාලනයෙන් ඉවත්වීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කරන සුජීව සේනසිංහ මහතා සඳහන් කරන්නේ මින් ඉදිරියට තමන් ස්වාධීනව කටයුතු කරන බවයි.
COMMENTS
අවුරුදු 16ටම ගත්ත හොඳම තීරණය. පෙන්ෂන් එකත් එපා කියනවානම් තවත් වටිනවා.
අනේ ඔයා ඉවත් වෙන්න එපා.
බොහොම හොඳ අදහසක්... දේශපාලනයට වඩා රැකියාවෙන් හම්බ කරන්න පුළුවන්.
සමුගනී නෙමේ මිනිස්සු එකතුවෙලා ගෙදර යැව්වා. හොඳ වැඩේ වැඩබැරි අයට. දැන් ඉතින් ගෙදරට වෙලා කෙසෙල් ගෙඩිය ගෙඩිය බෙදබෙදා ඉන්න බැරියෑ.
හම්බකරගත්ත හරිය මදෑ..
දැන් ඉතින් දන්න කෙසෙල්වගාවක් කරන් ඉන්න බැරියෑ.
මම හිතුවේ වෙනම සමුගැනීමක් කියලා.
මොහුගේ ඉල්ලා අස්වීම නිසා රටට කිසිවක් අහිමි වනු ඇතැයි මම නොසිතමි.
ඔය වගේ අනිත් අයත් අස්වෙනවා නම් ලංකාවට හොඳ කලක් යයි.
පිංසිද්ද වෙනවා. අනේ පුලුවන් නම් අනික් 225ටත් කියලා එයාලත් එක්කම දේශ (පාලුවෙන්) පාලනයෙන් සමුගන්න.
මුලින්ම ස්වාධීන වෙලා පස්සේ පොහොට්ටුවට සෙට් වෙන්න.
හොඳයි, අපි අගය කරනවා ඔබතුමා එ්ක තේරුම් ගත්තු එකට.. දැන් ඔබතුමාට ජනතා ප්‍රසාදයක් නැහැ.
සීනි කෙසෙල් බිස්නස් එකක් පටන්ගන්නවලු.
ස්වාධීනව පොහොට්ටුවෙන් නෙවෙයි, කෙහෙල් මලෙන් ඉල්ලයිද?
දිනුම සතුටින් විඳගත්තත් පැරදීම, විඳගැනීමට නොහැකිව ඉවත්වුණාද කියලා හිතෙනවා. මෙවැනි කෙනෙක් දේශපාලනයට කෙසේවත් සුදුසු නැති බව මොහුගේ මැතිවරණ කොට්ඨාශයේ අය දැනගෙන තියෙනවා..
බැරිද අනේ... රාජිතයි - චම්පිකයි දෙන්න එක්කම සමුගන්න.