(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට බන්ධනාගාරයේ සිටියදීම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (06) අවසර දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඞ් බාරයට පත් කරනු කර සිටී.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන හෙයින් ඔහුට නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට අවසර ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා සම්බන්ධ නඩු විභාගයේ සාක්කි විමසීම ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මීට පෙර අවස්ථාවක ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කෙරිණි.
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොලඹදී නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ
ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත් විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හී මෙහෙයුම් කටයුතු වල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු වල ගනදෙනු වල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.මෙම නඩුව ලබන මාර්තු මස 12 වැනිදා දක්වා කැඳවීමට විනිසුරුවරයා මීට පෙර දිනයේ නියම කොට ඇති අතර එතෙක් විත්තිකරු රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කොට ඇත.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ උදාර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැ
රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත.
අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත කළුතර ,කොහොලාන ,සිරිසඳවත්තේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 12 ක් හා 14 ක්වූ ළමුන් දෙදෙනෙකු ඊයේ (23) පළ
බදුල්ල සිට බණ්ඩාරවල දක්වා ධාවනය වෙමින් තිබූ හාල් පැටවූ ලොරියක් අද (24 ) බණ්ඩාරවෙල දික්ආරාව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු සහ සහයක තුවාල
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදන
2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
සජින් වාස්ට හිරේදීම නාමයෝජනා අත්සන් කරන්න අවසර
sharm warn Friday, 06 March 2020 11:56 AM
මේ වගේ සාක්කි සහිතව ඔප්පු වෙච්ච හොරෙකුටත් නාම යෝජනා දෙනවා නම්.. මේ මිනිහට ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්නේ අන් තට්ටුවක් සහ කුරදෙකක් හිමි කොට්ඨාසයක්ම විය යුතුයි. මොනතරම් විලිලැජ්ජා නැතිකමක්ද? මේ වගේ පහත්ම පෙලේ හොරෙක්ව පාර්ලිමේන්තු යවන්න නායකත්වය ක්‍රියාකරනවා කියන්නේ… අර හැටනමයට සතුටු ඇති...
Raveendra Friday, 06 March 2020 12:11 PM
මහජන මුදලින් නැවතත් සැපවිඳීමට ඉල්ලුම් කර ඇති මේ තක්කඩි හිටපු මහජන නියෝජිතයා ප්‍රධාන සුදුසුකම් සපුරා ඇත. හුරේ ලංකා මාතාවට ජයවේවා...!!!
kamal Friday, 06 March 2020 12:11 PM
මේ වගේ දක්ෂ ව්‍යාපාරික දැනුමක් තියෙන උත්තමයෙක් පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍යයි.
susantha Friday, 06 March 2020 12:57 PM
මෙවැනි අයව ජනතාව නැවතත් ඉහළින්ම ඔසවා තබා පාර්ලිමේන්තු යවනවා සිකුරුයි...!
මෙහෙව් රටේ .... Friday, 06 March 2020 01:02 PM
අපේක්ෂකයින්ට හිරේ සිටම නාමයෝජනා... ඒ කියන්නේ පත්වුණොත් පාර්ලිමේන්තුවට, සියළු වරප්‍රසාද සහිතවම. ඒත් හිරකාරයින්ට අඩුම ගානේ ඡන්දෙ දාන්නවත් පුළුවන්ද?
W.A sanath Friday, 06 March 2020 01:17 PM
මොහුට නාමයෝජනා දුන්නේ, ලැබුනේ කොහොමද? මැකෝගේ ඡන්ද නීතිය අනුව...
මුණසිංහ Friday, 06 March 2020 02:53 PM
ඒ තරමටම අපේක්ෂකයන් හිඟයිද? රොත්තම එකට ඉල්ලනවා.
de silva Friday, 06 March 2020 04:06 PM
මොන පක්ෂේන්ද ඉල්ලන්නේ?
WaruFriday, 06 March 2020 05:48 PM
පොහොට්ටු නැතුව වෙන කවුරුද මේවගේ අයට නාම යෝජනා දෙන්නේ?
RasikaFriday, 06 March 2020 05:51 PM
එජාපය තමයි. ඔය ඔක්කොම මහබැංකු හොරු ටිකයි... විල්පත්තු කැලෑ කපපු හොරු ටිකයි, අන්තවාදීන් ටිකයි. බුර්කාව දාපු ටිකයි ඉල්ලන්නේ ඉතින් එජාපය එකෙන් තමයි...
MaheshSaturday, 07 March 2020 09:47 AM
ඔව්, ලොකුම මහා බැංකු හොරා හිටියේ 2009-2015 අතර කියලා කෝප් කමිටුවෙන්ම කියැවුණා. දැන් විල්පත්තුවේ කෝමාරිකා වවනවලු. MCC ගිවිසුම අත්සන් කරනවලු. දැන් අපට කියන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි. 69 ලක්ෂයේ හින්දා අනිත් අය විඳවනවා.
මුණසිංහSaturday, 07 March 2020 03:00 PM
මෙයාට පොහොට්ටුවෙන් ඉල්ලන්න ලැබෙන්නේ නම් නැහැ.
beau Friday, 06 March 2020 06:43 PM
මේක හරි වැඩක්නේ. හිරේ ඉන්න අයටත් දැන් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්ද? අබුද්ධස්ස කාලය දැන්...
de silva Friday, 06 March 2020 08:28 PM
පක්ෂය" අලිබබා සහ හොරු හතලිහ", ලකුණ "වෙස්මුහුණ"
නන්නාදුනන හාදයා Friday, 06 March 2020 10:50 PM
මේ මනුස්සයා... ඉස්සර ඩුබායිවල ට්‍රයිකෝ එකේ මුට්ට කරගහන කාලයේ සිට දියවන්නාවේ පිනුම් ගහනකම්ම දේශපාලුවන්ට සංග්‍රහ කරන්න ඔහු නොකළ දෙයක් නැත. රජතුමාට එක එක කෑම ජාති.. කුකුළු මාංශ පමණක් නොවෙයි. නාරි මාංශ පවා සැපයීමේ දක්ෂයෙකි.
sajithSaturday, 07 March 2020 12:32 PM
මට තේරුම් ගන්න පුළුවන්..
sumaneTuesday, 10 March 2020 06:54 PM
නරි මාංශ කියන්නේ මොනවාද..?
ශ්‍රී Friday, 06 March 2020 11:16 PM
මේ වගේම බැරිද රාජපක්ෂ පවුලේත් මුදල් ලැබිච්ච විදිය හොයන්න.
chinthana Saturday, 07 March 2020 04:10 AM
සජින්වාස් තවම උසාවියෙන් වරදකරු වෙලා නෑ. එ් නිසා ඡන්දෙ ඉල්ලන්න ඔහුට නීතිමය බාධාවක් නෑ. රිමාන්ඩ් කියන්නේ හිර දඬුවමක් නොවේ. ඔහු සැකකරුවෙක් පමණයි. ඔහු මෙවර රාජපක්ෂලට විරුද්ධ පැත්තෙන් ගාල්ලෙන් ඉල්ලයි.
sunil perera Saturday, 07 March 2020 04:53 AM
සැකයකට වුණත් රිමාන්ඩ් භාරයට පත් වූවකු උත්තරීතර පාර්ලිමේන්තුවට කිසිසේත්ම සුදුසු නැති බවත්, එසේ නොවුණු නිසා තමයි මේ 225 මෙතරම් පහත් ක්‍රියාවලට නැඹුරු වී ඇත්තේ...
SL Saturday, 07 March 2020 06:44 AM
ඉන්න 225 ම ගෙදර තියමු...! මොවුන්ට ලැබුණු අවුරුදු 5ට හොඳ වැඩක් කළා නම් රට දියුණුවෙලා තියෙන්න එපැයි. හොඳ සෙට් එකක් යවමු...!
de silva Saturday, 07 March 2020 07:56 AM
ඉල්ලන පක්ෂයේ නම - හොරුන්ගේ කොන්ග්‍රසය - ඡන්ද ලකුණ - වෙස්මුහුණ