IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කරන විශේෂ පක්ෂ සම්මේලනය හෙට

 (නිමල කොඩිතුවක්කු)
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම  සදහා වන විශේෂ පක්ෂ සම්මේලනය  සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී හෙට(3)  උදෑසන 9.00 සිට පැවැත්වේ.
 
එක්සත්  ජාතික පක්ෂ නායක අග‍්‍රාමාතය  රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන  විශේෂ මහා සම්මේලයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත  කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.
 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාතය සජිත් පේ‍්‍රමදාස මහතා  එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ  ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී  අනුමැතිය පළවිය.
 
එක්සත් ජාතික පක්ෂයේ  ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මන්ඩළය අනුමත කළ  අපේක්ෂකයාගේ  අපේක්ෂකත්වය  පක්ෂය විසින් කැදවන මහා සම්මේලනයකදී තහවුරු විය යුතුවේ.
 
එක්සත් ජාතික පෙරමුණේ සියලුම  පක්ෂ නායකවරු හෙට පැවැත්වෙන  විශේෂ පක්ෂ සම්මේලනයට සහභාගී වෙති.
 
සුගතදාස ගාහස්ථ ක‍්‍රිඩාංගනයට ඇතුළු කර ගත හැකි වන පරිදි උතුරු නැගෙනහිර  පළාත් ඇතුලූව දිවයිනේ සියලූම ආසන නියෝජනය වන ලෙස සීමා සහිත පක්ෂ සාමාජික පිරිසක් සම්මේලනයට  සහභාගි කරවා ගැනෙති.



අදහස් (10)

සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කරන විශේෂ පක්ෂ සම්මේලනය හෙට

Amila Wednesday, 02 October 2019 09:14 AM

සත පහකට විශ්වාස කරන්න එපා.එයාගේ අයියා දැන්මම මඩ ගහන්න පටන් අරන්.

:       105       3

ලසන්තWednesday, 02 October 2019 01:09 PM

ඩිස්ලයික් දැමූ කෙනා කේන්ති නොගෙන '' රූපවාහිණිය බලන්නකෝ'' එතකොට අමිල කියන්නේ ඇත්ත බව පෙනේවි...

:       78       0

චමින්ද Wednesday, 02 October 2019 10:20 AM

පක්ෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත කළත් ටී.එන්.එල් රූපවාහිණී පුවත් බැළුවොත් වෙන්නේ මොකක්ද කියලා තේරේවි.

:       108       55

යාපා Wednesday, 02 October 2019 11:15 AM

සාමාන්‍ය පෙල අසමත් උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු... විද්‍යානුකූල රැකියාදෙන බුද්ධිමතෙක්...

:       107       4

vimuWednesday, 02 October 2019 12:38 PM

මිනිස්සු මරනවට වඩා... රැකියා දෙන එක හොඳයිනේ..

:       0       21

YapaWednesday, 02 October 2019 05:32 PM

මැරුවට වඩා අකාලෙ මැරෙන්න තිබුණු ජීවිත කීයක් නම් බේරගත්තද කියලා මතක නැද්ද? ගුණමකු සිංහලයන් තවමත් ඉන්නවනේ ඉතින්..

:       0       33

Sanka Wednesday, 02 October 2019 11:57 AM

සජිත්ට දැන් ජය සිකුරුයි. UNP එකේ ඉන්න තරුණ දක්ෂයන් එකතු කරගෙන හොද රජයක් කරන්න ලෑස්ති වෙන්න.

:       0       0

Sarath ram Wednesday, 02 October 2019 02:27 PM

අදාල නොමැති වුවත්.., මොහුගේ තියනවා කීව උසස් අධ්‍යාපන සුදුසුකම් සලකා බැලුවොත් නේද හොඳ? මොකද දරන්නට අපේක්ෂා කරන තනතුර රටේ උත්තරීතරම තනතුර නිසා. එය මැතිවරණ බලධාරීන්ගේ යුතුකමක් බව මගේ අදහසයි.

:       101       8

අප්පුහාමිThursday, 03 October 2019 12:44 AM

අනුන්ගේ දේවල් බලන්නේ නැතිව උගතෙකුට ඡන්දය දුන්නම ඉවරනේ. එකඑක හරි උගතුන්ට ඡන්දය දුන්නාම රට නිවැරදි මගට ඒවි...

:       0       0

samanwimalThursday, 03 October 2019 06:05 AM

බලධාරීන්ගේ යුතුකම කොහොම වුණත් එජාප බොහෝ අය නූගතුන් නිසා, ඔවුන් විසින් තමන්ට ගැලපෙන නායකයායි තෝරාගෙන ඇත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site