(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව එජාප නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවත්, එම ප්‍රමාදය රටට හා පක්ෂයට සිදු කරන හානියක් සේම, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම කඩිනමින් රැස්කර ඔවුන්ගෙන් විමසා තීරණය කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කුමන ගැටළු පැමිණියත් එ.ජා.ප ය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට තමන් නායකත්වය ලබා දීමට සුදානම් බවත්, ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් අප ඊට සුදානම් විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමාහාරාම, උද්ධගන්දර ප්‍රදේශයේ ඉදිකළ “සඳකුසුම්ගම” සහ “සැදෑතිස්ගම” යන උදා ගම්මාන 2 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (16) දින සහභාගි වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 287 සහ 288 වන ආදර්ශ ගම්මාන වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිවරයා පුද්ගලිකවම පසුගියදා මුණගැසුණු වෙලේ මෙවැනි දෙයක් කීමට ශක්තියක් නොතිබෙන්නට ඇති.
මොකද සනත් ජයසූරිය එකපාරටම මාවන් අතපත්තු වෙලා ආරක්‍ෂිත පහරවල් එල්ල කරන්න පටන්ගෙන..?
බිහිරි අලින්ට වීනා වාදනය කළා වැනිය.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා කියන සජිත් මහතා මේ ආණ්ඩුව ඡන්ද කල් දාන කොට ඇඳ යට හැඟෙන්නේ ඇයි?
ඔව්! මොලේ තියෙනෙ බුද්ධිමත්, උගත්, රට දැයට ආදරය කරන සමබර හොර ගිවිසුම් නොගහන විවෘතව වැඩ කරන අවශ්‍ය පමණට නිදා ගන්නා සෑම ක්ෂේත්‍රයක්ම පිළිබඳ නිපුණතා ඇති අයෙක් ඉක්මණට නම් කරන්න...
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ... ලිපියෙහි කොලයට මුහුණ යොමනවිට ඇස් දෙක පියවෙනවා...
සජිත් මැතිතුමනි, අපිට හොඳටම තේරෙනවා රනිල් මහතාගේ හැසිරීම් රටාව... ඔහු උත්සාහ කරන්නේ ඔබට අවස්ථාව ලබා නොදීමටයි.. එම නිසා විකල්ප සටනකට සූදානම් වෙන්න යූ.එන්.පී. එක විනාශ කරන මගට රනිල් මහතා පැමිණ අවසානයි. දේශපාලනයේ නියැලෙන ඔබට මෙය ඉතා හොඳට තේරෙනවා ඇති..
කවුරු අපේක්ෂකයා වුණත් දිනන්න හම්බවෙන්නේ නැහැ. හේතුව රට අරාජික වෙලා. දැනටත් ආණ්ඩුවක් නැති ගානයි. ආර්ථිකය නැත්තටම නැතිවෙලා රට හොඳටම පිරිහිලා පක්ෂග්‍රාහී වෙච්ච බත්කන හරක් මිසක් ආයේ මුන්ට ආණ්ඩු කරන්න ඡන්දෙ දෙන්න ඔලුව තියන මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. ඒක ස්ථිරයි. අපිත් 2015 රැවටුණා. අයේ රැවටෙන්නේ නෑ.
තීරණයක් ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට බාර කළා කියලා කියනවා නේද? ඉතින් තවත් මොකද්ද මේ රනිල්ට ලියුම් කඩදාසි යවන්න තරම් තියෙන හදිස්සිය. මට ඇහුනා කවුදෝ මනුස්සයෙක් කියනවා " එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් නම් කිරීමේ තදියම තියෙන්නේ සජිත්ටත් වැඩිය සිරාට සහ කිලීට තමයි" කියලා. කවුද අප්පා ඒ කියන චරිත දෙක? අපි නම් දන්නේ නැහැ ඔන්න. පහුගියදා රනිල් සහ සජිත් මුහුණට මුහුණ සාකච්ඡාවක් කරපු වෙලාවේදී රනිල් සජිත්ගෙන් අහුවාලු" මොකද්ද ඔබේ මැතිවරණය දිනන වැඩ පිළිවෙල? " කියලා. එතෙන්දීත් සජිත්ට කියන්න තිබුණේ "ඒක දන්නේ සිරා සහ කිලී තමා" කියලා වුනත් එහෙම කියන්න තරම් ආත්ම ශක්තියක් සජිත්ට තිබුණේ නැති නිසා "ගෙවල් හදනවා, දහම් පාසල් ගොඩනැගිලි හදනවා. වෙහෙර විහාර හදනවා" වගේ සම්ප්‍රප්ඵලාප ටිකක් කිව්වා කියලා තමයි අර කලින් කිව්ව මනුස්සයා කියනවා ඇහෙන්නේ. අපි නෙවේ...
සජිත් නම් මෙලහකට තෝරලා. උස නම් ජනපති අපේක්ෂක, මිටි නම් අගමැති අපේක්ෂක..
තණ්හාව ඔලුවටම ගහල වගේ. ඉල්ලගෙන එන්නකෝ බලන්න දිනන හැටි....
වාර්තාව මොකක් උනත් සජියා තමයි අපේක්ෂකයා විය යුත්තේ දිනන්න නම්
සජිත් මහත්තයෝ ඔයාගේ තාත්තා එදා ජනාධිපති අපේක්ෂකයා වෙනකොට අවුරුදු 45 විතර ජනතාවට සේවය කරලා අගමැති වෙලා තමයි ජනාධිපති අපේක්ෂකයා වුනේ එතකොට එයාට වයස අවුරුදු 63 යි මොකෝ මේ හදිස්සි .....?
ජනාධිපති වෙන්න මේ තරම් ආශාවක් තිබෙනවද? ජනාධිපති නොවුණොත් අර ජාතක කතාවේ වෙළෙන්ඳාගේ වගේ පපුව පැලෙයිද?
අපි බය නැතිව කියනවා සජිත්ට පිටරට උපාධියක් නෑ.තියෙනවනම් පෙන්වන්න.ගොඩක් දේශපාලකයන් තම ප්‍රතිරූපය පුම්බන්න ව්‍යාජ උපාධි ලෝගුවක් දාගෙන පිටරට ගෞරව උපාධි තියෙනවා කියලා මහා බොරු කියනවා.කවුද ඉතින් ඕවා පරීක්ෂා කරන්න යන්නේ ?
අගමැතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව කියන්න බැරි ශක්තියක් නැති මිනිහෙක්ට මොන ජනතා වරමද? කොළ කෑලි වලින් කියන්න තරම් පහතට වැටුණද?