(නයනජිව බන්ඩාර)
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරයකයන්ට අලෙවි කරන ටිකටිපත් මගින් දින තුනකදී රුපියල් 1 23729.25 ක මුදලක් වංචාකළැයි එම වනෝද්‍යානයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරියකු ලබන 24දා තෙක් රිමාන්ඩ් කිරිමට වැල්ලවාය වැඩබලන මහේස්ත්‍රාත් මාලනි තෙන්නකෝන් මහත්මිය අද(19) නියෝග කළාය.
මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ අතර මෙම නිලධාරියා වසර 8ක කාලයක් උඩවලව ජාතික වනෝද්‍යානයේ සේවය කර ඇති අතර එම කාලයේදී ඔහු වංචාකර ඇති මුදල පිළිබදව විමර්ශනය කරන බව මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අවුරුදු ගණනාවක් පටන් කරන ප්‍රසිද්ධ හොර කමක් , ටිකට් නිකුත්කරන නිලධාරියා සංචාරක මග පෙන්වන්නෝ සහ ජීප් හිමියොත් එක්ක එකතු වෙලා කරන දෙයක් , අපි නම් ඔය වැඩ අවුරුදු ගණනාවක ඉඳල දන්නවා ,
සුළු මුදලක් නේ වංචා කරලා තියෙන්නේ, වැරැද්ද කොහොමත් වැරැද්ද තමයි. ඒ උනාට මහා බැංකුවේ වංචාව කරපු තෝරු මෝරු එළියේ යහතින් වැජබෙද්දී මේ අහිංසක හල්මස්සෝ කුඩුවේ. මොනව උනත් කියන්න පුළුවන් පොරොන්දු වෙච්ච විදියට අපි හොරෙක් ඇල්ලුවා කියල.