( තිළිණි ද සිල්වා )
සංචාරක අමාත්‍යංශය සඳහා නව අධීක්ෂණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද (04) පත් කරනු ලැබ ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙලෙස කරනු ලැබ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දරන අමාත්‍ය ධූර සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණයක් මත මෙම මන්ත්‍රීවරුන් දෙපළ අධීක්ෂණ මන්ත්‍රී ධූර සඳහා පත් කරනු ලැබූහ.
සංචාරක අමාත්‍යාංශය සඳහා පත් කරනු ලැබූ මෙම නව අධීක්ෂණ මන්ත්‍රීවරු දෙපළ අද (04) එම අමාත්‍යාංශයේදී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කළහ.
COMMENTS
Reply To:
-
මේවට තමයි කියන්නේ දේශපාලන අල්ලස් කියල. අමාත්‍යංශයෙන් සුපිරි වාහනයකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි ලක්ෂ දෙකේ දීමනාවයි තමයි ලැබෙන මුල්‍ය වටිනාකම. ඊට අමතරව අමාත්‍යංශයේ ස්ටාෆ් එකයි ඔෆිස් කාමරෙයි.
සංචාරක ඇමතිට සංචාරක අමාත්‍යංශය පවත්වාගෙන යන්න දැනුමක් නැද්ද
පොදු ජනතාවගේ බදු මුදල් හා රටේ සොච්චම් ආදායම යොදාගෙන කරන මේ පත්විම් සඳහා අධික පිරිවැයක් යෙදවේ...... අයි එම් එෆ් ණය වාරික යොදාගෙන කරන මේ විනාශකාරි පිළිවෙත ජනතාව දැනුවත් විය යුතුයි.යම් කෙනෙකුට වැටුපක් ගෙවිමෙදි එම වැටුපට සරිලන සේවයක් ජනතාවට ලැබේ දැයි තක්සේරු කල යුයුතුයි.
මොකද්ද මේකේ තේරුම?
මහජන මුදල් කාබාසිනියා කරන්න තවත් උප්පරවැට්ටියක්. මේ ඔක්කොම අධීක්ෂණය කරන්න බාලාංශ ළමයින් කීපදෙනෙක් දැම්මොත් හොදයි.
මේ විහිළුව කුමක්ද? ඇමති තුමාට බැරිද? මහජන මුදල් නාස්තියක්.
නොදන්නා නිසා අහන්නේ. විරැකියාවෙන් පෙළෙන උපාධිධාරී තරුණයින් දෙන්නෙක් පත්කලා නම් හොඳ නැත්ද? ලක්ෂ දෙකක් පඩි ගෙවන්න අවශ්‍යත් නැහැ . වාහන අවශ්‍යත් නැහැ. පත්කළ දෙන්නට හොඳ රක්ෂාවක් තිබෙනවානේ. පඩිය රුපියල් 54000/=ක් .
අදහසනම් හොඳයි ඒත් සංචාරක වගේ එකක් උපාධි කාරයෙකුට නම් බලාගන්න බැරිවෙයි
රජය පවත්වා ගෙන යන්න දොළ පිදේනි මහා ජනතාවගේ බදු මුදල් කන්න බලාගෙන ඉන්න යක්ෂයන්ට දෙන්න වෙනවා. නැත නම් යක්ෂයෝ වින කරලා රජය පෙරලනවා.
අද උදැසන ගුවන් විදුලියේ කියවුණා මන්ත්‍රීවරුන්ට මුදල් දෙන්න මාර්ගයක් ලෙස අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරනවා කියල. මේ එම ක්‍රියාවලියේ ආරම්භය කියල හිතන්න පුළුවන්.දුප්පත් මිනිහගේ තුට්ටු දෙක හුරගෙන කනවා බදු ගහල.ඊට පස්සේ සරදියෙල් සල්ලි බෙදනවා වගේ බෙදනවා.මේවා කවුරුවත් ගෙවල්වලින් ගෙනාව ඒවා නෙවෙයි.පොදු මහජනතාවගේ සල්ලි.පක්ෂවල අභිමතාර්ථ ඉටු කරගන්න සල්ලි වියදම් කරන මේ මිනිස්සුන්ට හෙන ගහවි සාපෙ වැදිලා.
බයවෙන්න එපා. මේ අය "හෙණ" ආවරණයක් දාල තියෙන්නේ. හෙණ වදින්නේ නැහැ. නැතිනම් දේශපාලකයෝ මෙලහකට වල පල්ලට ගිහිල්ලා ගොඩක් කල්. අපිට රට පාලනය කරන්න වෙන බව දැකලා, අපි ගැන දුක හිතලා එයාලා අපේ සල්ලි වියදම් කරලා "හෙණ" ආවරණයක් දාගෙන....
මේකද 2015 ජනවාරි 8 වෙනස? දැන් හරියටම මහින්ද මහත්තයා ගිය පීල්ලෙන් තමයි මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ආණ්ඩුවේ අවසන් ගමන් වැඩි දුර නැහැ.
සංචාරක ක්ෂේත්‍රය පිලිබඳ ප්‍රාමාණික විද්වතුන් යොදවා ගත හැක. ,මේ දිනවල අන්තර්ජාලයේ විශේෂ අවධානය දිනාගත් නෙදර්ලන්ත අගමැතිවරයා වැනි ජනතාවාදී මහත්වරුන් වෙනුවට අපේ මන්ත්‍රීවරුන්ට මෙවැනි දොළ පිදේනි ලබාදීම නිෂ්පලය.