IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි ස්ථානවල පමණයි

තිළිණි ද සිල්වා )
 

අගෝස්තු 01 වැනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද  (23) පැවසීය .
 
 මෙරට සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා කීය.
 
 සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවත් , මෙලෙස ලියාපදිංචි නොවු සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 20000ක් පමණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දේ.
 
මේ තත්ත්වය තුළ සංචාරක සංවර්ධන අධිකාරිය මෙතෙක් ලියාපදිංචි වී නොමැති සංචාරක හෝටල් හා නිවස්න අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම අධිකාරියට උපදෙස් දුන් බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
අගෝස්තු මස 01 වෙනි දා සිට කණ්ඩායම් වශයෙන් සංචාරකයන් දිවයිනට ගෙන්වීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි ද ඇමතිවරයා කියා සිටී. 
 
 දිවයිනට පැමිණෙන සියලු සංචාරකයන් ඔවුන් මෙහි රැදී සිටින කාලය තුළ පි.සී.ආර් පරීක්ෂණ 03 කට ලක් කෙරෙන අතර ඔවුන්ගේ සංචාරය අතරතුර මෙම පි.සී.ආර් පරික්ෂණය සිදු කෙරෙන කෙරේ.
 
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මමගින් එම සංචාරකයන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය 



අදහස් (2)

සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි ස්ථානවල පමණයි

karolis Tuesday, 23 June 2020 10:46 AM

පිටරට ඉන්න ලාංකිකයන් නිවාඩුවට එන්න ඕනේ කොහොමද එතකොට?

:       0       6

de silva berlin Wednesday, 24 June 2020 07:08 AM

ඕක හරියන වැඩ නොවේ..සංචාරකයෝ පිටරට යන්නේ නිවාඩු ගතකර විවේක ගැනීමට මිසක්, සංචාරක මණ්ඩලය කියන කියන හෝටල්වල නැවතිලා පරීක්ෂණ දෙක තුනකට මුහුණ දෙමින් වද විඳින්න නොවේ. ආණ්ඩුවට සංචාරකයින්ගෙන් ලැබෙන විදේශ විනිමය අවශ්‍ය නම් ලංකාව ඉක්මණින් සංචාරකයින්ට විවෘත කරන්න අවශ්‍ය නැහැ. ඔය වහලා තිබෙන විදිහටම වහලා තියලා නොවැම්බර් මාසෙ පමණ සිට සාමාන්‍ය ක්‍රමයට විවෘත කරන්න. සංචාරක මණ්ඩලය හදන්නේ බොරදියේ මාළු බාන්න. ඒකෙ කවුරුවත් ලියාපදිංචි වෙන්නේ නැත්තේ, ලියාපදිංචි වුණාට පස්සේ ඒකෙ ඉන්න දූෂිත නිලධාරින්ට පගාව දීලා ඉවරයක් වන බව දන්න දන්න නිසා... සංචාරක මණ්ඩලය ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට කරන දෙයක් නැත...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site